රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් ඊයේ කොළඹදී පැවැත්විණි.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.Sri Lanka Latest News
සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානය එහි දී විශේෂ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ කෙලෙසීම මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි රජය දක්වන අකාර්යක්ෂමභාවය, දූෂණ විරෝධී ක්‍රියාදාමය නිසි පරිදි ක්රයාත්මක නොකිරීම සහ නීති සම්පාදනය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.
මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති Julie J Chung මහත්මිය, නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මිය, ඉන්දීය මහකොමසාරිස් Gopal Baglay මහතා, නවසීලන්ත මහකොමසාරිස් Michael Appleton මහතා, ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස් Paul Wesley Stephens මහතා, ප්‍රංශ මහකොමසාරිස් Jean Francois Pactet , කැනඩාවේ මහකොමසාරිස් Eric Walsh, එක්සත් රාජධානියේ වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් Lisa Whanstall, රුමේනියානු තානාපති Victor Chiujdea, ජපාන නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, ඉතාලි නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Dr. Francesco Perale, යුරෝපා සංගමයේ දේශපාලන අංශයේ Anne Vaugier Chatterjee සහභාගී වූහ.
මෙහි දී විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අමතා රට මුහුණ දී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.
චේතනාන්විතව මැතිවරණ කල් දැමීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති බරපතළ තර්ජනය පිළිබඳව මෙහිදී විපක්ෂ නායකතුමා විශේෂයෙන් තනාපතිවරුන් ගේ අවධානයට යොමු කරනු ලැබීය.
ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී නොවීම තුළ අස්වැසුම වැනි වැඩසටහන් අසාර්ථක වීම ගැන ද මෙහි දී දැනුවත් කළ විපක්ෂ නායකතුමා, මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩන් වැටී ඇති ආකාරයත් බාල ඖෂධ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරයද සිහිපත් කරනු ලැබීය.
ඊට අමතරව දූෂණය පිටු දැකීම සදහා පනත් රැසක් සම්මත කර ගනු ලැබුවත් දූෂණ වංචා තවමත් අවසන් නැති බවත් රටින් සොරකම් කල මුදල් නැවත ලබා ගැනීමට සුදුසු ආකාරයක් සකස් කර නොමැති බවත් මෙහි දී විපක්ෂ නායකතුමා පැවසීය.
එමෙන්ම නීති සම්පාදන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් සියලුම පනත්වල දෝශ ඇති බවත් මේ හේතුවෙන් නීති පද්ධතියේ ගුණාත්මකභාවය අඩු වී ඇති බවත් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.





































