• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසි නීතිය උපයෝගී කරගෙන මහා සංඝරත්නය හිරේ දාලා! අද ආණ්ඩුවට රට බේරාගත් රණවිරුවන් අමතක වෙලා! ජනාධිපති එකක් කියනවා අගමැති තව එකක් කියනවා! ආපදාවට සහන දෙන්න හදිසි නීතිය-ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය නෑ! වහාම හකුළාගන්න! VIDEO I Sri Lanka Latest News

February 6, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය ව්‍යවසනය කළමනාකරණය කර ජාතික යාන්ත්‍රණයක් නිර්මාණය කර ජනාධිපති කාර්ය සාධන බලකායක් ක්‍රියාත්මක කරන බවත් නිවාස, ජිවනෝපාය සහන, යටිතල පහසුකම් ලබා දීම, අරමුදල් කළමනාකරණය කරන බවට රාජ්‍ය පාර්ශ්වයෙන් විවිධ කරුණු ඉදිරිපත් කළත් මේ රජයට රු. 25000, 50000 දෙන්න වගා හානි මුදලක් ලක්ෂ 50, ලක්ෂ 100 ටකරමකට ලක්ෂ 10ක් හදීසි නීතිය අවශ්‍ය ද කියා ප්‍රශ්න කරන බවත් මේ අරමුදල් දෙන්න හදිසී නීතිය අවශ්‍ය නොවන බවත් සිදුවිය යුත්තේ මේ ආපදා කළමනාකරණ පනත වෙනස් වී නව ආපදා කළමනාකරණ අමාත්‍යාශයක් බිහි කර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය භූවිද්‍යා පර්යේෂණ ආයතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ, භූවිද්‍යා පර්යේෂණ ආයතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආපදා අවස්ථාවේ සුවිශේෂ කාර්යන් රැසක් විශිෂ්ට ලෙස ඉටු කළත් වත්මන් රජයට පවතින ආපදා කළමනාකරණ පනත පවා හරියට උපයෝගී කර ගන්න නොහැකි වූ බවත් මේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ව්‍යවසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ගැනීමට මේ රජයට නොහැකි වු බවත් 11 වගන්තිය ක්‍රියාත්මක කළා නම් 12 වැනි වගන්තිය යටතේ හරි දේ කළ හැකි වුවත් මේ රජය එය ද නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී රජයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ගැන අදහස් දක්වමිනි.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන දෙන්න හදිසි නිතිය අවශ්‍ය නැති බවත් මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පොරොන්දු වූ ආකාරයට හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අප රටට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මානව හිමිකම් සුරක්ෂා වන ජාතික ආරක්ෂක පනතක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

දැන්වත් IMF එකත් සමග සාකච්ඡා කරන්න

ඒ නිසා මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ රජය වහාම IMF එකත් සමග සාකච්ඡා කර නව IMF ගිවිසුමකට යා යුතු බවත් මේ යන විදිහට ගියහොත් 2028 ණය ගෙවිය නොහැකි බවත් ලෝක බැංකු වාර්තා අනුව මේ වසරේ ආර්ථික වර්ධන වේගය 3.5%ක් සහ ලබන වසරේ 3.1%ක් වන නිසා මේ නිසා විදේශ ණය ගෙවීම බරපතල ගැටලුවක් වී ඇති නිසා ප්‍රමාද වී IMF එක සමාග සාකච්ඡා කර ගිවිසුම වෙනස් කර දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රජය දන්නේ හදිසි නීතිය උපයෝගී කර ගෙන මහා සංඝරත්නය හිරේ දාන්න විතරයි

මේ ආපදාවේ හානිය ඇ. ඩොලර් බිලියන 4.1 නොව ඊට වඩා විශාල හානියක් සිදු වූ නමුත් රජයේ ඇති කුමකකම උද්දච්චකම නිසා මහන්තත්ව කම නිසා රට වෙනුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉටු නොවන බවත් රජය මේ අවස්ථාවේ කරන්නේ හදිසි නීතියයි වෙරළ සංරක්ෂණ නීතියයි උපයෝගී කර ගෙන මහා සංඝරත්නය සිරගත කිරීම බවත් රටේ උත්තරීතර නීතිය හරහා බුදුදහමට සුවිශේෂී තැනක් දුන්නත් එය රජයට නොතේරෙන බවත් ඊට අමතරව සෙසු ආගම්වලට පවා නිසි රැකවරණය ලබා දෙන අප රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන්න රජයට නොතේරෙන බවත් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගන්නවා නම් ඇප දෙනවා කියන පදනම මත මහා සංඝරත්නය සිරගත කර වනචාරීන් ලෙස ආමාන්ත්‍රණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රජයට රට බේරාගත් රණවිරුවන් අමතකයි

රණවිරුවන් ගැන කතා කරන රජය යාපනයේ චලෙයි ප්‍රදේශයේ මෝය කට කපන්න ගිය අතුරුදන් වූ නාවික හමුදා නිලධාරින් සිටින බවත් WVAD වෑවිට, WGKD වික්‍රමසිංහ SP ශානක, WPAC වික්‍රමරත්න යන හමුදා නිලධාරීන්ගේ පවුලේ අය ඇමතිවරයා හමුවන්න අවස්ථාවක් ඉල්ලා සිටියත් එයද නොදුන් බවත් ඒ තරම්ම උද්දච්ච රජයක් ඇති බවත් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අභිමානයක් ගැන කිව්වත් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් වත්මන් රජය කාදිනල් තුමා පවා අවස්ථා රැසක දී රැවටූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති ඇත්ත කියනවා අගමැති බොරු කියනවා

6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ බවත් එය අසභ්‍යකරණය බවත් ජනාධිපතිවරයා පවා කියන ආකාරයට මොඩියුල සකස් කිරීමේ ගැටලු ගුරු පුහුණු ප්‍රමාදය තාක්ෂණ ගැටලු නිසා මේ ප්‍රතිසංස්කරණ කල් දමන බව පැවසූ නමුත් ඇත්ත කරුණ නම් අසභ්‍ය වෙබ් අඩවිය ඇතුළත් කිරිම බවත් ජනාධිපතිවරයා ඇත්ත කියද්දි අගමැතිවරිය පාර්ලිමේන්තුවේ බොරු කියන බවත් විපක්ෂ විරුද්ධ වුයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට නොව අසභ්‍යකරණයට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළේ පැලවත්තෙන්නේ

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරනවා කියූ රජය අද ICT උගන්වන්නේ 6 වසරේ සිට බවත් එය 1 වසරේ සිට ඉගැන්විය යුතු වුවත් එය නොකරන බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් මේ ආකාරයෙන් කිව්වත් පැලවත්තේ විශේෂඥයන් එය 6 වසරේ සිට ඉගැන්වීමට තීරණය කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ Green paper, white paper ගැන කියද්දි ඒවත් විහිලුවට ගත්ත රජයක් අද රටේ සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

වහාම ඉවත් වෙන්න! ඉරානයේ සිටින සිය පුරවැසියන්ට අමෙරිකාව දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

නාමල්ට ගහනකොට අර්චුනාට මොකද මේ වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.