අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටී මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.Sri Lanka Latest News
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුළ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බවය.
ඒ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.










