මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය.Sri Lanka Latest News
සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බව ද රවී කුමුදේශ් මහතා කීය.
දැනට ක්‍රියාත්මක වර්ජනය හෙට පෙරවරු 8.00 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් අනිද්දා (18) කැඳවන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.










