• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා නැති දරු තුන්දෙනාට ලොකු අම්මා වෙච්ච කුඩම්මා! කියවලාම බලන්න! Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අම්මා නැති දරු තුන්දෙනාට ලොකු අම්මා වෙච්ච කුඩම්මා! කියවලාම බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කතාව මට දකින්න ලැබුණේ සමාජ මාධ්‍යයෙන්. ඒත් මේ කතාව කියවගෙන යද්දී මගේ ඇස්වලට කඳුළු ඉනුවේ ඉබේටමයි. මේ කතාවෙන් කියැවෙන්නේ කුඩම්මා කෙනෙක් ගැන. ඇයව දකින්න තියෙනවා නම් කොයිතරම් වාසනාවක්ද කියලා හිතුණු වාර අනන්තයි. ඇගේ දියණිය අද වෛද්‍යවරියක් වෙලා අපේ පුංචි රටේ රෝහලක දහසක් ජීවිතවලට ජීවය දෙනවා. ඒ දියණිය කියන කතාව මෙහෙමයි. (Sri Lanka Latest News)

කුඩම්මා….

‘මම දැන් දොස්තර කෙනෙක්. රජයේ ඉස්පිරිතාලයකට අලුතින් පත්වුණේ. මගේ පවුලේ අක්කයි, අයියයි, මායි විතරයි. අම්මා නැති වෙනකොට ලොකු අක්කට වයස 8යි. අයියට 6යි. මට 5යි. තාත්තට රස්සාවක් කරගෙන අපි තුන්දෙනාගේ වැඩකටයුතු කරගන්න බැරිකම නිසා නෑයන්ගේ බලකිරීමක් මත තවත් කසාදයක් කරගත්තේ අපේ අනාගතය ගැන හිතලාය. අපේ පවුලට අලුතෙන් එක්වුණු සාමාජිකාව තමයි කුඩම්මා.’

‘ඒත්, අපි තුන්දෙනාටම කුඩම්මව පේන්න බැහැ. මන්ද, අපේ අම්මට වඩා ලස්සනත් නැහැ. අපිට අම්මා තරම් වටින්නෙත් නැහැ. එයාගේ අහිංසක පෙනුමක් තිබුණට, අපි එයාට සමීප වුණේ නැහැ. නමුත් එයා අපිට සැර ගතියක් පෙන්නුවේ නැහැ. අපි එයාගේ හිත රිද්දූ අවස්ථා බොහෝමයි. නමුත් එයා ඒවා ඉවසා හිත දරාගෙන හිටියේ කොහොමද මන්දා. හවස තාත්තා ගෙදර ආවාම කේළාම් කිව්වෙත් නැහැ. අම්ම කෙනකුගෙන් ඉටුවිය යුතු රාජකාරිය එයා එලෙසින්ම කිසි අඩුපාඩුවක් නැතිව සුහද සිතින් ඉටුකෙරුවා.’
‘අපි තිදෙනාම එකාට එකා පරයමින් හොඳට ඉගෙන ගත්තා. ගෙදර වැඩ, අපේ වැඩ සේරම කෙරුවේ කුඩම්මා. කුස්සියේ පැත්තකටවත් අපිට එන්න දුන්නේ නැහැ. අපිට කියල වැඩක් කරන්න දුන්නේ ඉස්කෝලේ වැඩ විතරයි. අපි ඉස්කෝලේ යනකොටත්, ගෙදරින් බැහැරව කොහේ ගියත් කුඩම්මා අපි පස්සෙන්මයි. අපේ අකැමැත්ත නිසා එයා අපෙන් බැණුම් අහන වාර අනන්තයි. නමුත් ඒවා සේරම ඉවසාගෙන අපිව බලාකියා ගත්තේ මල් වගේ.’

‘කුඩම්මාට දරුවෙක් හදාගන්න බැරි කාරණේ ගමේ හැමෝම කීවේ ‘වඳ ගැහැනියක්’ කියලා. ඒ කටකතා ඉවසගෙන හදවතින් හැඬූ වාර ගණන බොහෝමයක් ඇති.’

‘අපි ටික ටික ලොකු වෙනකොට කාලය ගෙවී ගිහින්. අක්කයි, අයියයි උසස් පෙළ සමත්වෙලා කැම්පස් යන කාලෙදී තාත්තා අසනීප වෙලා හිටියේ. කුඩම්මා තාත්තව ගොඩ දාගන්න ගත්ත උත්සාහය අපිට අද වගේ මතකයි. නමුත් එයින් ඵලක් වුණේ නැහැ. තාත්තා සදහටම අපෙන් සමුගත්තා. ඉන් පසු අපේ ගෙදර ආර්ථිකය දවසින් දවස කඩාවැටුණා. ගම වටේ නෑයන් හිටියට ඔවුන්ගෙ කිසි උපකාරයක් ලැබුණේ නැහැ.’

‘කුඩම්මා හොඳ ගොවි පවුලක කෙනෙක්. කුඩම්මට තිබුණා ගොඩින්, මඩින් දේපළ. ඒ සේරම අපේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා කොටසින් කොටස වික්කා. අපිට හොඳට ඉගැන්නුවා. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. කිසි කෙනකුට ණය වෙන්න හෝ කිසිවකුගෙන් අතපා ජීවත්වෙන්න තරමට අපිව පත්කළේ නැහැ.

කාලයේ ඇවෑමෙන් අපි තිදෙනා කුඩම්මව ටිකෙන් ටික තේරුම් ගන්නකොට කුඩම්මා අපිට ටිකක් අහිංසක සැරගතියක් පෙන්නුවේ අපේ අනාගතේ ගැන හිතල වෙන්න ඇති. ප්‍රේම සබඳකම් තහනම්. කොහේ ගියත් කුඩම්මා අපේ පස්සෙන්මයි. ක්‍රමයෙන් අපිට කුඩම්මා ගැන ඇතිවුණේ නිමක් නැති ආදරයක් සහ ගෞරවයක්. අපි එයාට ගෞරව කළා.’

‘අයියගේ උපාධියත් සමග කැනඩාවේ ආයතනයක උප කළමනාකාර තනතුරකට රැකියාවක් ලැබුණා. එයා රට ඉන්නකොට එයාට මනාලියක් තේරුවේ අපේ කුඩම්මා. දැන් අයියයි නෑනයි රට ඉන්නේ. එයාලට දැන් බබෙකුත් ඉන්නව.’

‘ලොකු අක්කගේ උපාධියට නවසීලන්තයේ වැඩිදුර ඉගෙනුම ලබන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. එහේ ගිය වෙලාවේ ලංකාවේ කෙනෙක් විවාහ වෙන්නට කුඩම්මාගෙන් අවසරය ඉල්ලුවා. නමුත් කුඩම්මා ඒ පුද්ගලයා ගැන තොරතුරු සොයාබලා එයාලගේ විවාහයට අවසර දුන්නා. එයාල ලංකාවට ඇවිත් විවාහ වෙලා ආයෙත් රට ගියා. දැන් මායි, කුඩම්මයි ගෙදර තනිවෙලා.’

‘අයියා ලංකාවට නිවාඩුවට ඇවිත් යන දවසේ කුඩම්මගේ නළලේ කැලල සිඹලා වැඳල තමයි යන්නේ.’

‘අපි පොඩිකාලේ දවසක් අයියා සරුංගලයක් හදන්න යනකොට කුඩම්මා එක්ක කේන්ති ගිහින් අතේ තිබුණු පිහියෙන් දමලා ගැහුවා. කුඩම්මගේ නළලේ වැදිලා මැහුම් හතරක් දැම්මා. ඒ දවස්වල අපේ තාත්තාටවත් කිව්වේ නැහැ. නාන කාමරේ ලිස්සල වැටුණා කියලයි කිව්වෙ.’

‘කුඩම්මා එයාගේ ජීවිත කාලයම අපි වෙනුවෙන් කැප කළා. රට්ටුන්ගෙන් නොහොබිනා ඇනුම්පද ඇහුවා. ඊට පසු කාලයක මට දැනගන්න ලැබුණා කුඩම්මා ‘වඳ ගැහැනියක්’ නොවන බව. තාත්තත් එක්ක කතා කරලා තීරණයක් ගත්තලු දරුවෙක් හදාගන්නේ නැහැයි කියලා. අපි තුන්දෙනා එයාට හොඳටම ඇති කියලා.’

‘ඇගේ කැපකිරීම මහමෙරක් තරණය කිරීමට අපිට රුකුලක් වුණා. කුඩම්මාවරුන් අතරේ අපේ කුඩම්මා දේවතාවියක්. ඇයට පන්සල් ගිහින් නිවනට යන්නට පෙරුම් පුරන්න අවශ්‍යතාවක් තිබේද….?’

‘දැන් ඇය වයසයි. මම කසාද බඳින වයසේ වුණත්, මට කසාදයක් ගැන හිතන්න බැහැ. මගේ කුඩම්මව දාල මම කොහේ යන්නද? අපිට පණ දුන් ඒ දේව මාතාව කිසිම අඩුපාඩුවක් නැතිව ඇස් දෙකේ තියන් මම හොඳින් බලාගන්නවා. ඇය නිරෝගීව විවේක සුවයෙන් කාලය ගතකරනවා.’ යනුවෙන් ඇය කියා තිබුණේ මවුපියන් විදියට දරුවන්ට යුතුකම් ඉෂ්ට කරනකොට ගුණ නැණ දෙකෙන් යුතු දරුවන් මේ ලෝකෙට දායාද කරනකොට පෙරළා දරුවන්ටද මවුපියන් ගැන හැඟීමක් පහළ වීම නොවැළැක්විය හැකි දෙයක්. ඔවුන්ද තමන්ව රැක්ක ඒ අම්මාව ජීවිත පරදුවට තියලා රැකගන්නවා. මේ කතාව සමාජයට මහත් ආදර්ශයක් ගෙන දුන්නා. සමහර විට පෙර ආත්මයක මේ දරුවන්ගේම අම්මා වන්නට ඇති.

අම්මා කෙනෙක් කියන්නේ කවුද? මේ කතාව අහලා හදවතට මහ පුදුමාකාර වේදනාවක් සමග උප උපන් ආත්මවල මේවාගේ අම්මලා නැති දරුවන්ට මෙවැනි අම්මලා ලැබෙන්න කියලා මටත් හිතුණු වාර අනන්තයි. මේ කුඩම්මෙක් නෙවෙයි සැබෑම අම්මා කෙනෙක්. මොකද අම්මා කියන ඒ වචනෙට සාධාරණයක් කරන්න පුළුවන් මේ වගේ අම්මලාට විතරයි කියලා මට හැඟුණා. බුදුරජාණන් වහන්සේ පවා මේ බව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සමාජය යහපත් කරන්නටයි. දරුවකුට ආදරේ දෙනවා කියන්නේ මේ ලෝකේට බිහිකරන එකවත් කන්න බොන්න දෙන එකවත් නොවන බව ඇගේ කතාව මේ සමාජයට කියලා දුන්නා. දරුවෙක්ට ගුණධර්ම කියා දීලා පාප ක්‍රියාවලින් මුදවලා හොඳින් උගන්නලා සුදුසු කාලයේ විවාහ කර දීම වගේම තමන් සතු දායාද සමසේ දරුවන් අතර බෙදාදීමද එහි දක්වා තිබෙනවා. ඒ වගේම එලෙස මවුපියන්ගේ වගකීම ඉෂ්ට කළ සත්පුරුෂ දරුවන්ද පෙරළා තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීමට යොමු වෙන්නේ නිතැතින්මයි. එකිනෙකාගේ වගකීම් යුතුකම් ඉෂ්ට වෙනකොට සමාජය හරි ලස්සනයි. මිනිස්සුන්ට ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න පුළුවන් වන්නේ එතකොටයි.

තමන්ගේ කුසින් වදාපු දරුවන්ව මහපාරේ දාලා යන අම්මලා ඉන්න මේ රටේ මේ කුඩම්මා කෙනෙක් නෙවෙයි කට පුලා ‘අම්මා’ කියන්න දරුවන්ට හදවතට හැඟෙන අම්මා කෙනෙක්. උදේ හවස මල් තියලා වඳින්න ඕනේ මෙවැනි අම්මලාට. මෙවැනි දරුවන් ලැබෙන්නෙත් මෙවැනි මවුපියන් ලැබෙන්නෙත් පෙර කළ පිනක් නිසාමයි.

ඇය කුසින් දරුවෝ නොවැදුවත් ඇගේ යුතුකම ඉෂ්ට කරලා ලස්සන මල් තුනක් මේ ලෝකෙට ආරක්ෂා කරලා දායද කරන්න කැපවුණා. ඉන්න ටික කාලේ යුතුකම් ඉෂ්ට කළොත් ඕනෙම කෙනකුට සතුටෙන් දෑස් පියාගන්න පුළුවන්. මේ අම්මාට මේ දරුවන් තිදෙනා වෙනුවෙන් ඇගේ ජීවිතය කැපකළ ටිකම ඇති නිවන් දකින්න. ඇය තමන්ගේ සතුට දරුවන් වෙනුවෙන් කැප කළ අම්මා කෙනෙක්. අම්මා කියන්නේ පාරමිතා පුරණ තැනැත්තියක්මයි. ඒ නිසාමයි මවුපියන්ව ‘බුද්ධෝ විය මාතා’ ‘බුද්ධෝ විය පිතා’ කියා හඳුන්වන්නේ….

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජිත් ගාල්ලේ අම්බලන්ගොඩට එයි! ක්‍රීඩාංගනය පිරී ඉතිරෙන්න ජනතාව දහස් ගාණක් දැනටමත් ඇවිත්! තව පැය 72යි! ගාල්ලේ නවසීලන්ත ටෙස්ට් මැච් එක පටන් ගනිද්දී රනිල් ජනාධිපති! ටෙස්ට් මැච් එක ඉවර වෙද්දී රටේ ජනාධිපති සජිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ ගිහින්! වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 3,144ට නගී! Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.