• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාවද මේ රකින්නේ? කාටද මේ කුට්ටිය යන්නේ? කවුද මේවට වගකියන්නේ? මේකද සිස්ටම් චේන්ජ්? දඩේ ගහලා කොළේ වහන්න යන බාල ගල් අඟුරු වංචාවේ අලුත්ම හෙළිදරව්ව! මේ යන්නේ තවත් මංකොල්ලෙකට! VIDEO I Sri Lanka Latest News

January 29, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය. Sri Lanka Latest News

‘‘ලංකා ගල් අඟුරු සමාගම 2026 වසර සඳහා ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර වීම පිළිබඳව සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවේදීත් , පාර්ලිමේන්තුවෙන් පිටතදීත් හෙළි කිරීමට කටයුතු කරනු ලැබුවා.

ගල් අඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන මොහොතේ සිට විශාල වංචා දුෂණ අක්‍රමිකතා රැසක් සිදුවී තිබෙනවා. ගල් අඟුරු ගෙන්වීමේදී දින 42 ක කාලයක් ප්‍රසම්පාදන කටයුතු සඳහා ලබාදිය යුතුයි. නමුත් එය දින 21 කට අඩු කර තිබෙනවා. ඒ වගේම දින 42 ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය දින 21 කට අඩු කිරිම හරහා ගල් අඟුරු සඳහා නිකුත් කරන ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක වෙන්න බහුතරයක් සමාගම්වලට නොහැකි වෙනවා.

ඒ වගේම ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට නම් පසුගිය වසර 3 තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි. එයින් ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් කිලෝ කැලරි 5900 ට හෝ ඊට වඩා ගෙන්වා තිබිය යුතුයි. ඒ වගේම එම සමාගම පසුගිය වසර තුන තුළ ඩොලර් මිලියන 150 ක ආදයමක් උපයා තිබිය යුතුයි. ගල් අඟුරු ගෙන්විමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට මෙම සුදුසුකම් සපුරා තිබිය යුතුයි. කෙසේ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා පසුගිය වසර තුන තුළ ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන මුලික සුදුසුකම වෙනස් කර තිබෙනවා. කුඩා සමාගම්වලට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීම සඳහා එම මූලික සුදුසුකම වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
කෙසේ හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දින ගණන අඩු කිරිම හරහා , මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ගෙන්වා තිබිය යුතුයි යන කොන්දේසිය ලක්ෂය දක්වා අඩු කර දුෂණයට පාර කපා තිබෙනවා.

ඒ වගේම රටට අවශ්‍ය විදුලි අවශ්‍යතාවය සපුරාගැනීමට නම් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ තිබෙන යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු වසර පුරා ගෙන්වීමටත් නොහැකියි. ඒ නිසා මාස 6 ක් තුළ වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග ගෙන්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ගල් අඟුරු නැව ලංකාවට පැමිණිමට පෙර ගල් අඟුරු වල ප්‍රමිතිය පිළිබඳව වාර්තාව ලංකාව ලැබිය යුතුයි. නමුත් ගල් අඟුරු සහිත පලමු නැව කොලඹ වරායට පැමිණෙන තුරු අදලා වාර්තාව ලැබී නැහැ. නමුත් එම ගල් අඟුරු බලාගාරයේ බොයිලේරුවලට යොමු කර තිබෙනවා.

ඒ වගේම මෙම පළමු ගල් අඟුරු තොගයේ කිලෝ කැලරි 5900 ක් නැති බව සමගි ජනබලවේගය හෙළි කළා. නමුත් නිසි වාර්තාවක් නොමැතිව එම ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බව බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත් අවසානයේ ඉන්දියාවෙන් ලැබුණ වාර්තා අනුව එම ගල් අඟුරු තොගයේ නිසි කිලෝ කැලරි ප්‍රමාණයක් නොතිබුණ බව පිළිගන්න සිදුවෙලා තිබෙනවා.

ඒ වගේම ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සමගි ජනබලවේගය විසින් ප්‍රකාශ කරන විට අදාල සමාගමෙන් දඩ මුදලක් අය කර ගන්නා බව දෙවැනි ගල් අඟුරු නැව වරායට පැමිණ ගල් අඟුරු තොග නිදහස් කරන අවස්ථාවේ විදුලිබල අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රමිතියෙන්තොර ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවු පාඩුව පිළිබඳව තක්සේරුවක් ගත යුතුයි. දෙවැන්න ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු බොයිලේරුවලට දැමූ පසු බලාගාරයේ උපකරණවලට සිදුවන හානියට ගණනය කළ යුතුයි. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කළ පසු මොගාවොට් 300 ක් උත්පාදනය කිරිමට නොහැකි වෙනවා. ඒ අනුව ඉතිරි විදුලි ප්‍රමාණය ඩිසල් බලාගාරවලින් සපයාගන්නවානම් ඒ සඳහා අය වන මුදල පිළිබඳව තක්සේරුවක් කළ යුතුයි. ඒ වගේම මෙම ගල් අඟුරුවලින් පිට කරන අලු ප්‍රමාණය සහ එයින් පරිසරයට වන හානිය ගණනය කර තක්සේරුවක් සිදුකළ යුතුයි. නමුත් වර්තමාන බලශක්ති ඇමැතිවරයා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්විමේ මාෆියාව වෙනුවෙන් පෙනී සිටිමින් , මේ හරහා රටට සිදුවන නාස්තිය වසන් කරන්න කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 25 කුමන හෝ නැව් දෙකක් ප්‍රතික්ෂේප වුණොත් මෙම ගල් අඟුරු ගිවිසුම අවලංගු කළ යුතුයි. නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වූ සමාගමෙන් දඩ මුදලක් අය කරගන්නා බව බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව පළමු නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් නියම කළ බව ගල් අඟුරු සමාගම ප්‍රකාශ කර තිබුණා. නමුත් ගල් අඟුරු නැවට දඩු මුදල නියම කළ ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. එම දඩ මුදල අය කරගැනිමේදී ප්‍රමිතියෙන් තොර ගල් අගුරු යෙදිමෙන් බලාගාරයේ යන්ත්‍රවලට සිදුවුණ හානිය ගණනය කර තිබෙනවාද ? ඩිසල් බලාගාරවලින් අමතරව මිලදි ගන්නා විදුලිය සඳහා වන වියදම ගණනය කර තිබෙනවාද ? මේ ප්‍රශ්නවලට ඇමැතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නැහැ.

ඒ වගේම ගල් අඟුරු රැගෙන තුන්වැනි නැවත් ලංකාවට පැමිණ තිබෙනවා. නමුත් වරායේ දොබකරයේ ගැටලුවක් හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑම නරත කර තිබෙනවා. එය සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න තවම පැහැදිලි නැහැ. කෙසේ නමුත් තුන්වැනි නැවේ ගල් අඟුරුවල ප්‍රමිතිය පළමු නැවේ ගල් අඟුරුවල ප්‍රමිතියටත් වඩා අඩු බව වාර්තා වෙනවා.

කෙසේ හෝ තුන්වැනි ගල් අඟුරු නැවේ ගල් අඟුරු තොගය පිළිබඳ වාර්තාව ඉක්මනින් පැමිණියහොත් පළමු සහ දෙවන ගල් අඟුරු නැව්වල ගල් අඟුරු තොග ප්‍රමිතියෙන් බාල නිසා ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කරන්න සිදුවෙනවා. ඒ නිසා තුන්වැනි ගල් අඟුරු නැවේ ගල් අඟුරු තොග ගොඩබෑම ප්‍රමාද කර දඩු මුදල ඉක්මනින් අය කර ගන්න ආණ්ඩුව කටයුතු කරනවා. කෙසේ හෝ තුන්වන ගල් අඟුරු නැවේ ගල් අගුරු තොගය ප්‍රමිතියෙන් තොර වුවහොත් කල්තියාම පළමු නැවට දඩ මුදල අයකරගෙන තිබෙන බව ප්‍රකාශ කරන්න ආණ්ඩුව හැකියාවක් තිබෙනවා. ආණ්ඩුව මේ ආකාරයට රකින්න උත්සහ කරන්නේ කවුරුන්ද? මෙම මහා පරිමාන වංචාවට කවුද වග කියන්නේ.

කෙසේ නමුත් මෙවැනි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් දිගින් දිගටම ලංකාවට පැමිණියහොත් මාර්තු මාසයෙන් පසු විදුලි කප්පාදුවකට යන්න සිදු වෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු හරහා බලාගාරයෙන් නිෂ්පාදනය වන ධාරිතාවය අනම නිසා ඩිසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදි ගැනිමට සිදුවෙනවා. ඒ ‍හරහා විදුලි කප්පාදුවකට යන්නත් බොහෝ දුරට ඉඩක් තිබෙනවා.

ක්‍රමයේ වෙනසක් ඇති කරන්න පැමිණි ආණ්ඩුව මහ බැංකු බැදුම්කර වංචාවට වඩා විශාල වංචාවක් ගල් අඟුරු ටෙන්ඩරය හරහා සිදුවෙනවා. ඒ වගේම ස්පොට් ටෙන්ඩරයක් හරහා වැඩි මිලට ගල් අඟුරු මිලදි ගැනිමටත් ආණ්ඩුවේ සුදානමක් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. විදුලි කප්පාදුව නවත්වා ගන්න වැඩි මිලට හෝ ගල් අඟුරු ගෙන ආ යුතු බවට තර්කයක් ආණ්ඩුව ගෙන එන්නත් පුලුවන්.

ගල් අඟුරු තොග ගෙන්විමේදී වංචාවක් දුෂණයක් සිදුවී නැතිනම් දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අහෝසි කරන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. එසේ සිදුකර ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු ගෙන්වන්න කටයුතු කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. එසේ තිබියදී ස්පොට් ටෙන්ඩරයක් කැදවන්න ආණ්ඩුව සුදානම් වන්නේ තවත් විශාල වංචාවකට බව පැහැදිලියි. රුපියලක්වත් හොරකම් කරන්නේ නැති බව ප්‍රකාශ කළ ජාතික ජනබලවේග ආණ්ඩුවේ කෙරුවාව හොදින්ම දැන් පැහැදිලි වී තිබෙනවා.‘‘

SendShareShare
Previous Post

දිලිත් තනිවම මැයි රැලියක් තියන්න බය වෙලාද? ඔක්කොම එකට එකතු වෙලා එකක් තියමුලු! VIDEO I Sri Lanka Latest News

Next Post

මේක නම් බය හිතෙන කතාවක්! දවසට ලංකාවෙන් පිළිකා රෝගීන් 100ක් හමුවෙනවා! 40 දෙනෙක් දවසට මියයනවා! ඉස්සරහට මේක තව වැඩිවෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.