දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.Sri Lanka Latest News
කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පරිගණක දත්ත පද්ධතිය ඇතුළත් කොටසේ මෙම ගින්න ආරම්භ වී ඇත.
ගින්නට හේතුව හෝ සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට ගින්න පාලනය කොට ඇත.
(ඡායාරූපය සංරක්ෂිත එකකි)










