පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු නිසි පරිදි සිදු නොවීම සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඉවත දැමීම සම්බන්ධයෙන් වතිකානය දැනුවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කරනවා.Sri Lanka Latest News
කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අත්අඩංගුවට ගැනිම කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ විනිවිදභාවයකින් සිදුකරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා.ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් , අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැහැ.
ඒ වගේම ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා කතෝලික ජනතාව ඇතුලු පාස්කු ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වුණ පිරිසට කිසිදු සාධාරණයක් ආණ්ඩුව ඉටු කරලා නැහැ.
වර්තමාන නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිට කිසිදු අයිතියක් නැහැ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස එම ධුරයේ කටයුතු කරන්න. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඔහු කටයුතු කළේ නැගෙනහිර ආඥාපති ලෙස.
ඒ වගේම නැගෙනහිර පළාතේ සිටි බුද්ධි අංශ සහාරාන් ඇතුළු පිරිස සැගව සිටි ස්ථාන දැගෙන සිටි බව ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා.
නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ද ලබාදී තිබෙනවා.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලදී හමුදා බුද්ධි අංශ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනය කරන විට එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කල අරුණ ජයසේකර දැන් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිලෙස කටයුතු කරන විට පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ විනිවිධභාවයකින් ස්වාධිනව සිදුකරන්න හැකියාවක් නැහැ.
ඒ නිසා තමයි සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට කටයුතු කළේ. නමුත් කතානායකවරයා මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කටයුතු කළේ නැහැ.
ආණ්ඩුව විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බව එයින් පැහැදිලි වෙනවා.
කෙසේ නමුත් නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාට විරුද්ධව ගෙන ඒමට සුදානම් වුණ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව බයයි.
ඒ වගේම මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන පිරිසක් ආණ්ඩුවේ සිටිනවා.
ඒ නිසා තමයි ආණ්ඩුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒම අවහිර කරන්න කටයුතු කළේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වතිකානුව සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසදය දැනුම්වත් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.
ඒ වගේම ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසදන්න කටයුතු කරන්නේ නැති නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුම්වත් කිරීම සිදුකරන්න වෙනවා.
ඒ හරහා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.
ඒ වගේම රටේ කිසිදු දේශපාලන පක්ෂයකට බලය ලබාගැනීමට ඉඩ නොදෙන බව ආණ්ඩු පාර්ශ්වයේ ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. උදාහරණයක් විදිහට නේපාලයේ තිබුණෙ වාමාංශික ආණ්ඩුවක්.
නේපාලයේ දේශපාලඥයින්ගේ ක්‍රියා කලාප ඒ රටේ ජනතාව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරිමට පටන් ගත්තා.
ඒ නිසා නේපාලය සමාජ මාධ්‍ය තහනම් කරන්න කටයුතු කළා.
ඒ හරහා ජනතාව තුළ තිබුණ තරහ වැඩි වෙලා ජනතාව විරෝධතා දක්වන්න පටන් ගත්තා.
ඒ අනුව අවසානයේ අගමැතිට රටින් පලා යන්න සිද්ධ වුණා.
නේපාලයේ ඇමැතිවරු ඝාතනය කළා. ජනතාවගේ බලය කිසිසේත් අවතක්සේරු කරන්න හොද නැහැ.
සමගි ජනබලවේගය කිසිම දිනක එවැනි තත්ත්වයක් රට තුළ ඇතිවෙන ලෙස ප්‍රාර්ථකා කරන්නේ නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ රට ඉදිරියට ගමන් කළ යුතුයි.
සමගි ජනබලවේගයේ ප්‍රාර්ථනයත් එයයි. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරු සිදුකරන කටයුතු දෙස සමාජය බලාගෙන සිටිනවා.
හැමදාම ආණ්ඩුබලය රඳවා ගන්න වර්තමාන ආණ්ඩුව හිතාගෙන සිටිනවා නම් එය සිදුවන දෙයක් නෙවෙයි.‘‘










