• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිස්සු කෙළින දේශපාලන සංහතියටම පාඩමක් උගන්වපු යකඩ ගැහැනිය!

August 22, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පිස්සු කෙළින දේශපාලන සංහතියටම පාඩමක් උගන්වපු යකඩ ගැහැනිය!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 වසංගතයේ අවදානම හේතුවෙන් සියලුව විවාහ මංගලෝත්සව තහනම් කරන්න පසුගිය සතියේදී රජය කටයුතු කළා. පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි ඒ තීරණය ක්‍රියාත්මක වුණේ. ඒත් රජය ඒ බව නිවේදනය කළේ පසුගිය 15 වැනිදා. ඒ හින්දා මේ තීරණයට බොහෝ විවේචන එල්ලවන ආකාරයත් දැකගන්න ලැබුණා.

16 වැනිදා ලංකාවේ බලවත් පුද්ගලයෙකුට සම්බන්ධ විවාහ මංගලෝත්සවයක් පැවැත්වෙන බවත්, ඒ හින්දා මේ තීරණය ක්‍රියාත්මක වීම 17 වැනිදා දක්වා කල් දමා ඇති බවත් තමයි බොහෝ දෙනාගේ අදහස වෙලා තිබුණේ. මේ බලවත් පුද්ගලයා සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ නම් ප්‍රචාරය වුණා. රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් මහතාගේ නම තමයි ඒ අතර ඉදිරියේම තිබුණේ.

කබ්රාල් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය 16 වැනිදා පැවැත්වෙන බව තමයි ඒ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ. කොහොම වුණත් ඒ පුවත අසත්‍ය බවට කබ්රාල් මහතා ප්‍රකාශ කළා. ඒ වගේම ඒ මහතාගේ පුතාත් ඒ ගැන අදහස් පළ කරලා තිබුණා. කබ්රාල් මහතාගේ පුතණුවන් දෙදෙනාම දැනටමත් විවාහ වී ඇති බව තමයි ඔවුන් ප්‍රකාශ කරලා තිබුණේ.

දේශපාලන සබඳතා යොදා ගනිමින් මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක බොහෝ දෙනකු තුළ තියෙන මතයක්. කොවිඩ් සම්බන්ධයෙනුත් ඒ තත්ත්වය ඒ විදියටම ක්‍රියාත්මක වෙන අවස්ථා අපේ රටේ මිනිස්සු දැක්කා. විවාහ උත්සව තහනම් කරලා තිබුණු කාලෙදී එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක් උත්සාවාකාරයෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වුණු බවට ඒ දවස්වල ප්‍රචාරය වුණා. කොවිඩ් වසංගතය මධ්‍යයේ සාමාන්‍ය ජනතාවට එක නීතියක් ක්‍රියාත්මක වෙද්දි, ඒ නීති නොතකමින් විවාහ මංගලෝත්සව විතරක් නෙවෙයි අවමංගල්‍ය උත්සවත් ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු විදිය මිනිස්සු දැක්කා. මේ අවස්ථාවෙත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා බොහෝ දෙනා විශ්වාස කළේ ඒකයි.

ඒත් මේ අතරේ හැම දෙනාටම ආදර්ශයක් වෙමින් කොවිඩ් අවදානම හමුවේ තම පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය නතර කරන්න කටයුතු කෙරුව ඇමැතිවරියක් පිළිබඳවත් අපේ රටෙන් තොරතුරු වාර්තා වුණා. දේශපාලන අධිකාරියට අවශ්‍ය විදියට පොදු නීතිය වෙනස් වෙන රටක මේ පුවත හැමදෙනාම පුදුමයට පත් කළ එකක් වුණා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ.

කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය තමයි මේ ආකාරයෙන් නැවැත්වීමට පියවර ගත්තේ.

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්මයාගේ සහ රාජ්‍ය ඇමැතිණී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ පුත්‍රයාවන නීති ශිෂ්‍ය ධානුක ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ විවාහ උත්සවය පවත්වන්න නියමිතව තිබුණේ කොළඹ ෂ්‍රැංගිලා හෝටලයේදී. ඒ සඳහා මැති ඇමැතිවරු ඇතුළු බොහෝ දෙනකුට ආරාධනා ලැබිලා තිබුණා. ඒ වෙද්දි පනවා තිබූ සෞඛ්‍ය රෙගුලාසි අනුව විවාහ උත්සවයක් සඳහා 150ක උපරිමයක් සහභාගි කර ගැනීමේ හැකියාව තිබුණා.

ඒත් රටේ පවතින තත්ත්වය සලකලා වහාම තම පුත්‍රයාගේ විවාහ උත්සවය නවත්වන්න අමාත්‍යවරිය කටයුතු කළා. ඒ වගේම තම පුතු ගැන නොසලකා විවාහ උත්සව සඳහා සහභාගි විය හැකි උපරිමය 50 දක්වා අඩු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටත් ඇය කටයුතු කරලා තිබුණා.

කොහොම වුණත් ධානුක ප්‍රනාන්දු පුල්ලේ සහ ලියොනිතා රිශ්මි ප්‍රනාන්දු පුල්ලේ අතර විවාහ ගිවිස ගැනීම කලින් සැලසුම් කළ ආකාරයටම චාරිත්‍රානුකූලව සිදු කරන්න දෙපාර්ශ්වය තීරණය කරලා තිබුණා. පවුලේ උදවියගේ සහභාගිත්වය පමණක් ඇතිව වැල්ලවත්තේ දේවස්ථානයකදී තමයි ඒ විවාහ ගිවිස ගැනීම සිදු කරලා තිබුණේ.
විවාහ මංගලෝත්සවය කියන්නේ ඕනෑම තරුණයකුගේ සහ තරුණියකගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කර ගන්න බොහෝ දෙනා විවිධ දේ කරනවා. ඒත් රටේ දේශපාලනයේ ප්‍රබලයන් දෙදෙනකුගේ පුතකු වෙලත් තමන්ගේ විවාහය රට වෙනුවෙන් කැප කරන්න ධානුක ගත් තීරණය අගය කළ යුතු එකක්. ඒ වගේම කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමැතිවරිය විදියට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දුන් ආදර්ශයත් ඉතාම වටිනා එකක්.

රටේ පවතින තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් තමන් සතු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තමයි මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අමාත්‍යවරිය සඳහන් කළේ.

“ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර පැතිරීමත් එක්ක රට තුළ පවතින වාතාවරණය පිළිබඳව මනා අවබෝධයක් මට තියෙනවා. ඒ හින්දා තමයි මේ තීරණය ගත්තේ. මේක පෞද්ගලික තීන්දු ගන්න වෙලාවක් නෙවෙයි. රට ගැන හිතලා තීන්දු ගන්න වෙලාවක්. මගේ දරුවාගේ වුණත් විවාහ උත්සවය අවලංගු කරන්න කටයුතු කළේ ඒකයි.”
ඇමැතිවරිය අදහස් දැක්වූයේ එහෙමයි.

මේ අවස්ථාවේ විතරක් නෙවෙයි පසුගිය කාලය පුරාම කොවිඩ් 19 වැළැක්වීම සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරිය ලෙස සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා. නමුත් එහිදී ඇයට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. කොහොම වුණත් තමන් ගැන විතරක් හිතන දේශපාලනඥයන් බහුතරය ඉන්න රටක මේ වගේ කතාවක් අහන්න ලැබුණු එකත් සතුටට කරුණක් කියලයි අපට හිතෙන්නේ. ඒ වගේම ඇමැතිවරිය දුන් පාඩම අනෙක් දේශපාලනඥයොත් හිතට ගන්නවා නම් ඒක අපේ රටේ අනාගතයට වැඩදායී වේවී කියන එකත් මතක් කළ යුතුයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පළමුවරට දිනක ආසාදිතයන් 4000 පන්නයි!

Next Post

නුවර පෙරහරේ අලියෙක් කුලප්පු වෙයි! නැට්ටුවෝ පණ එපා කියා දුවති! (VIDEO)

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.