ඉරානයට අයත් IRIS Bushehr නෞකාව තවමත් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට නොහැකි වී ඇති බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News
අද (19) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම නෞකාව මේ වනවිට කොළඹට මුහුදු සැතපුම් 9.5ක් පමණ දුරින් නැංගුරම් ලා ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා,
“ඉරානයට අයත් IRIS Bushehr නෞකාව කොළඹට මුහුදු සැතපුම් 9.5ක් ආසන්නයේ තියෙනවා. අපිට ඒක ත්‍රිකුණාමලය වරාය වෙත ගෙනියන්න ඕනේ හැබැයි ගෙනියන්න බෑ එන්ජිමේ දෝෂයක් නිසා. අපි ඒකට අවශ්‍ය කරන තාක්ෂණික සහාය තව පුද්ගලික සමාගමකින් ගත්තා. ඒ නැව ත්‍රිකුණාමලය වරායට අරගෙන ගිහින් අපි රඳවා ගන්නවා.”










