නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුව තිබෙනවා. Sri Lanka Latest News
පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන ඇති බවයි නවරත්න මෙහිදී සඳහන් කළා.
විශේෂයෙන් දැනට සේවයේ නිරත විනිසුරුවරුන් නම් වශයෙන් සදහන් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ද දක්නට ලැබුණු බැවින් මෙම තත්ත්වය පිළිබදව නීතිඥ සංගමයේ කනගාටුව පළ කරන බවද ඔවුන් කියා සිටියා. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නීතිඥ සංගමයේ සභාපතිවරයා මීට අදාළ ලිඛිත ඉල්ලීමක් ද කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.