චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.Sri Lanka Latest News
ඊයේ(15) රාත්‍රිය් දී පොලිස්පතිවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර ඇත.
ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ සංචාරවය නිමකරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.










