සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට අද (19) සහභාගි වුයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතාය.Sri Lanka Latest News
එහිදී ඒ මහාතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,
‘‘දේශපාලනයේදී ආණ්ඩුවට හෝ විපක්ෂයට අවාසිදායක හෝ විවේඡනාත්මක සිදුවීම් සිද්ධ වෙනවා. ප්‍රබුද්ධ දේශපාලනයේදී තමන්ට අවාසිදායක දෙයක් සිදුවුවහොත් හැකි ඉක්මනින් එය නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරිමයි. තමන්ට වාසි දායක ක්‍රිඩා පිට්ටනියක් ලැබුණාම එයින් උපරිම ලකුණු රැස් කරගන්න කටයුතු කළ යුතුයි. අනුර දිසානායක ජනාධිපතිවරයා මේ බව හොදින්ම දන්න කෙනෙක්. ඒ නිසා තමයි අශෝක රන්වල මහතාට පැණ නැගුන ගැටලුවේදී ඒ මහතාව හැකි ඉක්මනින් ඉවත් කරගෙන ඒ ප්‍රශ්නය කළමනාකරණය කර ගන්න උත්සහ කළේ.
නමුත් ලැබුණු ජයග්‍රහනය විනාශ කරන කිහිපදෙනෙකුත් සෑම ආණ්ඩුවකම සිටිනවා. ඔවුන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගන්න ඇතැම් තින්දු තිරණ විනාශ වී යන ආකාරයට කටයුතු කරනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විනාශ කිරිමේ කාර්යය සිදුකරන්නේ වසන්ත සමරසිංහ ඇමැතිවරයා. රටේ ඇතිවන ප්‍රශ්න වලට විද්‍යාත්මක විසදුම් සොයනවා වෙනුවට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති විසදුම් ලබාදෙන්න වසන්ත සමරසිංහ ඇමැතිවරයා පසුගිය දිනවල කටයුතු කළා. ඔහු යම් යම් භාණ්ඩවලට මිල පාලනය කරනන බව පසුගිය දිනවන ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඒ තින්දු තිරණ වලින් විශාල අර්බුදයක් ඇතිවිය හැකියි. ඒ වගේම ඔහු එවැනිම මැදිහත්විමක් පාර්ලිමේන්තුව තුළදිත් සිදුකරන ආකාරයක් අපිට දකින්න ලැබුණා.
ඒ වගේම ආණ්ඩුවට පසුගිය දිනවල හොර උපාධි ප්‍රශ්නය , සහල් සහ පොල් මිලේ ප්‍රශ්නය සහ ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරත් සමඟ ඇතිකරගත් එකඟතා පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුණා. මේ ප්‍රශ්න කළමනාකරණය කර ගන්න ජනාධිපතිවරයාගේ පාර්ශ්වය උපක්‍රමික ප්‍රවේශයක් ගනු ලැබුවා. පසුගිය රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වි තිබුණ ගිවිසුමේ කරුණු කිහිපයක් වෙනස් කරලා තමන්ගේ එකක් වගේ සමාජ ගත කරන්න උත්සහ කිරිම තමයි ජනාධිපතිවරයාගේ උපක්‍රමික ප්‍රවේශය බවට පත්වුණේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කරුණු ඉදිරිපත් කළා. ඒ හරහා එය ප්‍රචාරණය කරගන්න තමයි ජනාධිපතිවරයා උත්සහ දැරුවේ. නමුත් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ගන්න උත්සහ කළ අවධානය ගැනිමට නොහැකි වුණා. ඇමැති වසන්ත සමරසිංහගේ ක්‍රියාකලාපය සහ ඇමැති නලින්ද ජයතිස්සගේ අනවශ්‍ය මැදිහත්විම නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී අවශ්‍ය අවධානය ගැනිමට නොහැකි වුණා.
ආණ්ඩුවට එල්ල වුණ උපාධි වංචා චෝදනාව අනිත් පැත්ත හරවා විරයන් වීමට උත්සහ ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කරන්න ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනෙකු කටයුතු කළා. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ ප්‍රශ්නයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වා සිටියා. ඒ සමඟ පාර්ලිමේන්තුවේ වීරයා බවට පත්වෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ලැබුණා. ඒ වගේම වසන්ත සමරසිංහ නාමල් රාජපක්ෂගේ පරණ චෝදනාවක් මතු කරන්න උත්සහ ගත්ත නිසා ජනාධිපතිවරයා සමාජ ගත කරන්න උත්සහ කළ දේවල් සමාජගත කරන්න නොහැකි වුණා.
අනුර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී උපයන විට ආදායම් බද්දේ සීමාව ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා වෙනස් කළා. ඒ වගේම ඒ හරහා විශාල බදු සහනයක් ජනතාවට ලබාදුන්නා කියන දේ සමාජ ගත කරන්න ජනාධිපතිවරයා උත්සහ කළා. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව රජයට ඉල්ලක්ක කිහිපයක් පැවරිලා තිබුණා. ප්‍රධාන ඉලක්කය වන්නේ රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 15.3 ක ප්‍රමාණයකට 2028 වනවිට ලබාගැනිම. රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 15.3 ක ප්‍රමාණයකට ගෙන එන විට ප්‍රථමික අතිරික්ත අයවැය 2.3 ක තබා ගත යුතුයි. මෙයයි රජයට ලැබි තිබෙන ප්‍රධාන ඉලක්කය. මේ ඉලක්ක දෙක සැපිරිම සඳහා ගෙන ආ උපයන විට ආදායම් බද්දෙන් පසුගිය වසරේ බලාපොරොත්තු වුණා බිලියන 160 ක ආදායමක්. ඒ ආදායම ඉක්මවා ගොස් පසුගිය වසරේ බිලියන 190 ක වගේ ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. මේ තත්ත්ය තුළ පසුගිය රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරිමක් හෝ බදු අඩු කිරිමක් සිදුකරන්න යෝජනා කරලා තිබුණා. බදු අඩු කිරිමේදි උපයන විට ආදායම් බද්දේ සිමාව එක්ලක්ෂ පනස් දහසේ සිමාවට ගේන්න තමයි පසුගිය රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේ.
අනුර දිසානායක මහත්තයා පොරොන්දු වුණේ උපයන විට ආදායම් බද්ද ලක්ෂ දෙකක සිමාවට ගෙන එනවා කියලා. ප්‍රථමික අතිරික්ත අයවැය 2.3 ක තබා තමයි මේ වෙනස්කම් කරන්න හැකියාව තිබෙන්නේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ සැලසුම් කර පරිදි උපයන විට ආදායම් බද්දේ සිමාව ලක්ෂ එක හමාරේ සිමාවට වර්තමාන රජය ගෙනත් තිබෙනවා. උපයන විට ආදායම් බද්දේ සිමාව ලක්ෂ එක හමාරේ සිමාවට ගෙනාවාම ආණ්ඩුවට ලැබෙන බදු ආදායම අඩු වෙනවා. දළ වශයෙන් බිලියන 50 ක වගේ ආදායමක් අහිමි වෙනවා. ඒ අහිමිවෙන ආදායම හොයාගන්න ආණ්ඩුව withholding tax එක සියයට 5 සිය සියයට 10 දක්වා වැඩිකරලා. බැංකුවල මුදල් තැන්පත් කරලා තිබෙන අයගේ පොලියෙන් බැංකුවෙන් කපාගෙන රජයට ලබාදෙනවා. කලින් තිබුණේ සියයට 5 ක පොලි අනුපාතයක් දැන් සියයට 10 දක්වා වැඩි වෙලා තිබෙනවා. විශ්‍රාම වැටුප් නොලබන සේවන අර්ථාසාධක අරමුදල් හෝ ස්ථාවර තැන්පතු වලින් ජිවත් වන රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මත අලුතින් සියයට 5 ක බදු වැඩිමක් පටවලා තිබෙනවා.
ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිබෙන ආකෘතිය ඇතුලේ මෙවැනි දේවල් තමයි ආණ්ඩුව කරලා තිබෙන්නේ. අලුත් දෙයක් සිදුකරලා නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිබෙන සිමා ඇතුලු පොඩි වෙනස්කම් ටිකක් ආණ්ඩුව කරලා තිබෙනවා. ඒ වෙනස්කම් ටික ඕනම ආණ්ඩුවකට සිදුකරන්න හැකියාව තිබෙනවා. රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 15.3 ක සහ ප්‍රථමික අතිරික්ත අයවැය 2.3 ක ඉලක්ක සපුරාගත හැකි මට්ටමින් මේ ගිවිසුම වෙනස් කරගන්න හැකියාවක් තිබෙනවා.
මීට අමතරව වාහන ආනයනය ආරම්භ කළාට පසුව දළ දේශිය නිෂ්පාදනයට 0.8 වගේ ප්‍රමාණයක් එකතුවෙන්න ඉඩ තිබෙනවා. එයින් යම් ආර්ථික ප්‍රසාරණයක් සිදුවෙනවා. ඒ වගේම මේ වසර අවසානය වනවිට විදේශ ණය වල පොලිය ගෙවන්න අවශ්‍යයි. ඒ වගේම රජය විසින් ලබාගත්ත වාණිජ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවා. මේ සඳහා රජයට විදේශ සංචිත වලින් යම් ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙනවා. ඒවගේම වාහන ගෙන්වීමට තීරණය කිරීම හරහා ඩොලර් සඳහා වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇතිවෙනවා. ඒ නිසා ඩොලරය මත යම් තෙරපීමක් නිර්මාණය වෙනවා. ඒ තෙරපීමත් සමඟ ඩොලරය මිල ඉහළ යාමක් සිදුවීමට හැකියාව තිබෙනවා. එසේ සිදුවුවහොත් රටේ භාණ්ඩවල මිලට යම් බලපෑමක් ඇතිවීමට හැකියාව තිබෙනවා.
රටේ ආර්ථිකය පිළිබඳ තීරණය ගැනීමේ දී ජනප්‍රිය වීමට තීරණ නොගත යුතුයි. රටේ උද්ධමනය වැඩිවන ආකාරය ගැන හිතලා , ඩොලරය තුලින් ආර්ථිකයට සිදුවන බලපෑම ගැන හිතලා , මේ සියල්ල ගැන හිතලා රටේ ආර්ථිකය පිළිබඳ තීරණ ගත යුතුයි. ජනප්‍රිය වීම සඳහා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධයෙන් ගත්ත තින්දු තිරණ ප්‍රකාශ කිරීම නුසුදුසු කටයුත්තක් නෙවෙයි. ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ඉතාමත් පරිස්සමෙන් ගත යුතුයි. රටක ආර්ථිකයේ කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නෙවෙයි. ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථික කළමනාකරණය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළේ ඔහුගේ ඉන්දීය සංචාරය පිළිබඳව රට තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයය නිසයි. ‘‘
ජනාධිපතිවරයා ඉන්දියාව සමග එකග වුන කරුණු පිළිබඳව රටට හෙළි කරන්න
‘‘ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා ඉන්දියාව සමග එකග වුන කරුණු පිළිබඳව අපි තවමත් දන්නේ නැහැ. ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳ තවම නිශ්චිත කරුණු රටට ඉදිරිපත් කරලා නැහැ. ඉන්දියානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත්කළ ලියවිල්ලක සඳහන් වුනා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකඟ වුණ කරුණු 34 ක් පිළිබඳව. ඉන්දියානු අගමැතිවරයා සහ ශ්‍රී ලාංකාවේ ජනාධිපතිවරයා අතර ඇතිවුණු එකඟතා ලෙස මෙම කරුණු 34 ප්‍රකාශයට පත් කර තිබුණා. දැනට ලිඛිතව තිබෙන්නේ එම ලේඛනය පමණයි. ඒ ලේඛනය හරහා තමයි සමාජය තුළ යම් සැලකිය යුතු ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණේ.
කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා බරපතල ලෙස විරුද්ධ වුණ. බරපතළ ආකාරයෙන් පසුගිය කාලයේදී විවේචනයට ලක් කළ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවීමට නියමිතconnectivity plan එක කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා වන දෙයක්. ඒ සාකච්චාව තුල ධනාත්මක දේවල් රැසක් තිබෙනවා. අපි ඒ සැලසුමට විරුද්ධ නැහැ. ලෝකයෙන් සැඟවී ජීවත්වනවාට වැඩිය ලෝකය සමඟ සම්බන්ධ වී ඒකාබද්ධ වීම තමයි අපගේ ප්‍රතිපත්තිය වෙන්නේ. හැකි තරම් අපි ලෝකය සමග එකතු විය යුතුයි. හැකි තරම් වෙළඳ ගිවිසුම් රටවල් සමග ඇති කරගෙන ඒ හරහා ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතුයි. හැකි තරම් ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් අපි සකස් කරගත යුතුයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා වන ඒකාබද්ධ වීමේදී ගුවනින් , ගොඩබිමින් , මුහුදින් , බලශක්තියෙන් ඒකාබද්ධ වීම පිළිබඳව සාකච්ඡා වෙමින් තිබුණා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවීමට නියමිත සම්බන්ධතාවයට අපි එකඟයි නමුත් ඒ සඳහා නිවැරදි තොරතුරු අපට අවශ්‍යයි. මීට පෙර ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව යම් අවබෝධයක් අපට තිබෙනවා. නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර ඇතිකරගත් එකඟතා පිළිබඳව අපි කිසිම දෙයක් දන්නේ නැහැ. තිබෙන සැලසුම් වල දළ අවබෝධය අනුව කලින් සාකච්ඡා වුන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එලීම සඳහා යෝජනා වී තිබුණා. ඉන්දියාවත් , එක්සත් අරාබි එමිරාජ්‍යයත් , ශ්‍රී ලංකාවත් යන රටවල් තුනම එකතු වී තමයි ඒ ව්‍යාපෘතිය සිදුකරන්නේ. ඉන්දියාවේ සිට අනුරාධපුරයටත් අනුරාධපුරයේ සිට මුතුරාජවෙලටත් ඒ වගේම ත්‍රිකුණාමලයටත් ගමන් කරන ඉන්ධන නල මාර්ගයක් මෙම සැලැස්මට ඇතුළත් වී තිබුණා.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී ප්‍රකාශ කළා මෙය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වන බව. ඒ වගේම මේ ව්‍යාපෘතිය හරහා ලංකාව පාවාදීමක් සිදුවන බවත් ඔවුන් ප්‍රකාශකළා. ඒ වගේම ඉන්දියාවේ විදුලි රැහැන් පද්ධතිය සහ ලංකාවේ විදුලි නැහැන් පද්ධතිය සම්බන්ධ කරන සැලැස්ම පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචනය එල්ල කළා. නමුත් ඒ සැලැස්ම දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ වගේම එට්කා ගිවිසුම සම්බන්ධයෙන් විවිධ විවේචන ජනතා විමුක්ති පෙරමුණ එදා එල්ල කළා. නමුත් ඒ ගිවිසුම ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න දැන් ජාතික ජන බලවේගය සහ ජනතාව විමුක්ති පෙරමුණේ කණ්ඩායම් එකඟ බව ප්‍රකාශ කරනවා. නමුත් එක රැයකින් එට්කා ගිවිසුමට එකඟ වීමට ජාතික ජන බලවේගය මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ වෙනස ඇතිවුන ආකාරය පිළිබඳව ජාතික ජන බලවේගය රටට ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. ඒ වගේම මේ ගිවිසුමට විරුද්ධ වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ රටට ලබාදෙන වන්දිය කුමක්ද.
ඒ වගේම ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී අපි දැක්කා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගන්නවා. ඒ හුවමාරු වුන ගිවිසුම් මොනවාද. ඒ ගිවිසුම සම්බන්ධයෙන් වන පූර්ණ තොරතුරු රටේ ජනතාව දැනගත යුතුයි. ජනාධිපතිවරයා ඉන්දියාවේ සිට පැමිණි විගසම රටට එම එකඟතා පිළිබඳව කරුණු ඉදිරිපත් කළ යුතුව තිබුණා. කෙසේ නමුත් දැන් හෝ එම කරුණු රටට ඉදිරිපත් කරන්නයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලබාදීමට විශාල භූ දේශපාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණා. එහිදී බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අත්දැකීම් අඩු නායකත්වයක් සහ විශාල ජනවරමක් තිබෙන නායකත්වයකට රට ඉදිරියට ගෙනයන්න පුලුවන් කියලා. ශ්‍රී ලංකාවට ඉන්දියාව ජපානය ඇමෙරිකාව පැමිණෙන්නේ ඔවුන් සතුව තිබෙන ආර්ථික දැක්මක් සමඟයි. ඒ පැමිණෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරිම තමයි රාජරාජ්‍යතාන්ත්‍රික හැකියාවක් තිබිය යුතුයි. ඒ නිසා ගෝලීය තරගකරුවන් අතර තිබෙන තරඟයක ලංකාව විනාශ වෙලා යාමට පෙර රටක් ස්වාධීනව සහ පරිණතාකාරයට තීන්දු තීරණ ගතයුතුව තිබෙනවා. ඒ සඳහා අනුර දිසානායක ජනාධිපතිවරයාට අත්දැකීම් නොමැති ඊට සහාය දක්වන්න විපක්ෂය ඕනෑම වෙලාවක සූදානම්. ඒ නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟ වුණ ගිවිසුම් වල තිබෙන කරුණු රටට ඉදිරිපත් කළහොත් එහි තිබෙන වාසි අවාසි පිළිබඳව අපට යම් තීන්දු තීරණ ගැනීමට හැකියාවක් තිබෙනවා.‘‘










