සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් ප්‍රදේශ රැසක ලොකු ඵෑණු සහ වට්ටක්කා ගොවීන් ආර්ථික අපහසුතාවයට පත්ව සිටිනවා.Sri Lanka Latest News
ලොකු ඵෑණු කිලෝවක් සඳහා රුපියල් 200කට ආසන්න නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදුවූ නමුත් සිය අස්වැන්න සඳහා තවමත් වෙළෙඳපොළේ සාධාරණ මිලක් නොමැති බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.
පසුගිය යල කන්නයේ දේශීය ලොකු ඵෑණු වගා කෙරුණු පොළෙන්නරුව දිස්ත්‍රික්කයේ ඉකිරිවැව, ගඟේයාය, ජයසිරිපුර, නිකපිටිය, සරුබිම සහ බටුහේන යන ගම්මානවල ගොවීන් සිය අස්වැන්න නෙලා නිවෙස් තුළ ගබඩා කර මේ වන විට මාස 3කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.
මේ අතර, නිසි මිලක් නොමැති වීම හමුවේ සිය වගාවන් අලෙවි කර ගත නොහැකිව ඒවා නිවාස තුළම භාවිතයට නුසුදුසු තත්ත්වයට යමින් පවතින බවට දඹුල්ල සහ නොච්චියාගම ප්‍රදේශවල වට්ටක්කා ගොවීන් චෝදනා කරනවා.
මෙලෙස විකුණාගත නොහැකිව ගොඩ ගැසී ඇති වට්ටක්කා තොග අලෙවි කර ගැනීම සඳහා පිළියමක් සකසා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ කන්නය සඳහා ගොවිතැන් කටයුතු ආරම්භ වී නමුත් රාජාංගනය හා තලාව ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරන්නේ රජය විසින් තමන්ට පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩසටහන යටතේ මේ වනතෙක් මුදල් ලැබී නොමැති බවයි.










