රට තුළ දැවැන්ත අර්බුදයක් පවතින සමයක එම අර්බුදයට මුවාවී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිනීමට රාජපක්ෂ පවුල ප්රමුඛ රජය ගන්නා උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අකාර්යක්ෂම පාලනය හේතුවෙන් රට තුළ සිදුව තිබෙන බිඳවැටීම නිසා මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, එම සම්පත ආරක්ෂා කරගැනීම සඳහා පෙරට පැමිණි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනාට ස්තුති කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරත් සඳහන් කර සිටියා.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28) පැවැති හමුවකදීයි.















