රට තුළ උද්ගතව තිබෙන වාතාවරණය සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුගේම පදිංචි ලිපිනය සහ ඔවුන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
වෙනදා අවශ්‍ය අයකුට එම තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වුවද මේ වනවිට ඒ සියල්ල ඉවත් කොට ඇති බව වාර්තා වේ.










