සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් විශේෂ අධිකරණයක් පද්ධතියක් පිහිටුවීමට කටයුතු සිදුකරමින් ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසනවා.Sri Lanka Latest News
ඒ අනුව විශේෂ මහාධිකරණ කිහිපයක් පිහිටුවා එම සංවිධානාත්මක අපරාධකරුවන්ට අදාළ නඩු කටයුතු ඉක්මන් නිම කර ඔවුන්ට දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.










