2024 වසරේ ජනාධිපතිවණය පළමුවෙන් පැවැත්විමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටින බවත්, ජනාධිපතිවරණය පැවැත්වුවහොත් එම මැතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරාපත් කරගනු ලබනේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් දමිල ප්‍රගතිිලි සන්ධානයේ නායක නුවරඑළි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.
අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්විමට නියමිත කිසිදු මැතිවරණෙකින් වත්මන්
රජයට බලයට ඒමට නොහැකි බවත් දිගම්බරම් මහතා කීය.
හැටන් නගරයේ උත්සව ශාලාවකදි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමය, කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිම සදහා
අද (07) දින පැවති රැස්විමකදි දිගම්බරම් මහතා ඒ බැව් පැවසීය.
යමහිදි වැඩිදුරටත් අදහස් දැක්වු දිගම්බරම් මහතා කියා සිටියේ මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය කටයුතු නොකරන බවක් දැකගන්නට ඇති බවකි.