ඓතිහාසික මිහින්තලා නගරයේ තැබෑරුමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් ඊට විරෝධය පෑ උද්ඝෝෂණයක් අද දහවල් මිහින්තලේ සාංචි විහාරස්ථානය ඉදිරිපිට පැවැත්විණි.Sri Lanka Latest News
මිහින්තලේ විහාරස්ථානයේ දායක සභාව හා අසල් වැසි ගම්මානවල පදිංචිකරුවන් 400 ආසන්න පිරිසක් ඊට සහභාගි වූහ.රජරට විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් ඒ එමි ජී බී අබේසිංහ මහතා ඇතුළු සිසු සිසුවියන් ද ඊට සහභාගි වීම විශේෂත්වයකි .
මෙම උද්ඝෝෂණ කරුවන් කියා සිටියේ, ඓතිහාසික මිහින්තලා පුදබිමට කුමන ආකාරයකින් වත් මත්පැන් හලක් පවත්වා ගෙන යෑමට ඉඩ නොදෙන බවයි. මස් කඩ ,මත්පැන් හල් ඓතිහාසික මිහින්තලා පුදබිමේ පවත්වා ගෙන යන්නේ නම් ඉදිරියේ දී ඊට විරෝධය පෑම සම්බන්ධයෙන් මහ සඟරුවන දහස් ගණනින් එක් රොක් වෙන බව ඓතිහාසික මිහින්තලා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .










