ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාප්පක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බළ ගණයට චීන රජයෙන් මිල දී ගනු ලැබු Y12 වර්ගයේ සැහැල්ලු මඟී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ (5) රත්මලාන ගුවන් හමුදාව මූලස්ථානයේදී ගුවන් හමුදාවට භාර දුන් බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසීය.Sri Lanka Latest News
මේ ගුවන් යානා මූලික වශයෙන් භාණ්ඩ හා මඟී ප්‍රවාහන කටයුතු සඳහා යොදගනු ලබන අතර, මගීන් 17ක් සහ කි.ග්‍රෑ. 360ක භාණ්ඩද මෙහි ගෙන යා හැකිය. මානුෂීය මෙහෙයුම් සමයේ මේ ගුවන් යානා මඟින් සෙබළුන් ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනු ලැබූ අතර, වර්තමානය වන විට ගුවන් ආවේක්ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, පැරෂුට් භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සඳහාද ගුවන් ගිලන් රථ ලස යොදාගනු ලබන බව ගුවන් හමුදාව පැවසීය. දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශයන් වෙත පියාසර කිරීමේ හැකියාවද මේ ගුවන් යානාවට ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට වත්මන් ගුවන් හමුදාපතිවරයා විසින් කරගෙන යනු ලබන සැලසුම්ගත ක්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මේ නව ගුවන් යානා ද්විත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් කරගෙන ඇත.