වරින් වර අපේ රටේ විවිධ ප්‍රදේශවල යම් කිසි කැලමක් ඇතිවෙන සිදුවීම් අසන්නට ලැබෙනවා. එයින් බොහොමයක් ඒවා ඉතා සුළු සාමාන්‍ය සිදුවීමක් පාදක කරගත් අසාමාන්‍ය අනවශ්‍ය ප්‍රචාරණය නිසා සිදුවෙන ඒවායි. මෙයත් එවැනිම සිදුවීමක්ද නැද්ද යන්න තේරුම් ගැනීම මෙය කියවන ඔබට තීරණය කිරීමට අප ඉඩ දෙන්නේ ඒ නිසාමයි.Sri Lanka Latest News
පසුගිය දිනයක ටික්ටොක් වීඩියෝවක පළවූ දර්ශනයක් බොහො දෙනකුගේ අවධානයට ලක්වුණා. එම විඩීයෝවේ සඳහන් වෙන්නේ අධිවේගී මාර්ගයේ කැලණි පාලම මතින් ගමන් කරන වාහනයක කැමරාවේ පටිගත වූ දර්ශනයක්. මේ වාහනයේ ගමන් කළ රියැදුරා තමන්ගේ පියවි ඇසට යම් පුද්ගලයෙක් පාලම මත සිටින ආකාරය දැක තිබෙනවා. අධිවේගී මාර්ගයේ පයින් ඇවිද යාම තහනම් නිසාත්, එවැන්නක් සිදුවීම අසාමාන්‍ය නිසාත් ගමන අවසන් කළ ඔහු නැවතත් තම කැමරාව නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී පැහැදිලිවම පාලම මත යම් පුද්ගලයෙක් සිටිනු දුටු ඔහු ඒ පිළිබඳ වහාම 119 අමතා පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඉන් පසුව ඔහු මෙම විඩීයෝව තමන්ගේ ටික්ටොක් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, ඔහුට මේ සම්බන්ධයෙන් කමෙන්ට් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මෙම සිදුවීම සංස්කරණය කරන ලද එකක් බව ප්‍රකාශ කරන කමෙන්ට් අතරේ මෙම සිදුවීමට මීට පෙර තමා මුහුණ දුන් බව පැවසෙන කමෙන්ට් කිහිපයක්ම එහි සඳහන්ව ඇත. ඒ අවට ප්‍රදේශයේ ජීවත්වන තවත් කිහිප දෙනෙක්ම සඳහන් කර තිබෙන්නේ මේ ස්ථානයේ සියදිවි හානි කරගෙන මියගිය තරුණයෙක් මේ ආකාරයට මෙම ස්ථානයේ සිටින අයුරු ඔවුන් ඕනෑ තරම් දැක තිබෙන බවයි. එසේම ඇතැමුන් සඳහන් කරන්නේ මෙම ස්ථානයේ සිදුවූ අනතුරකින් පසුව මෙවැනි ඡායාවන් බොහෝ දෙනෙක් දැක තිබූ බවයි.
කෙසේ වෙතත් මේ සිදුවීම පාදක කරගත් සත්‍යය පිළිබඳ මේ වන තුරුත් හෙළි වී නැහැ. එම ටික්ටොක් වීඩියෝවේ සඳහන් කර තිබූ ඡායාරූපය මෙම ලිපිය සමග පළවේ.










