• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහයන්ගේ අවසන් කටයුතු හෙට රඹුක්කනදී! PHOTOS I Sri Lanka Latest News

March 31, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
මව්රට නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහයන්ගේ අවසන් කටයුතු හෙට රඹුක්කනදී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ ගණන් පරීක්ෂකවරයකු, අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයෙකු හා ප්‍රවීණ මාධ්‍යවේදි වශයෙන් දිගු කලක් සේවය කළ රඔුක්කන හුරීමලුව නිවසෙහි වාසයකල චන්ද්‍රසේන මාරසිංහ
මහතාගේ අවසන් කටයුතු හෙට (01) සවස 2ට රඹුක්කන ආදාහනාගාරයේදී සිදුකෙරේ.Sri Lanka Latest News

වයස අවුරුදු 80 ක් වන චන්ද්‍රසේන මාරසිංහ මහතා මුලින්ම දිවයින පුවත්පතෙහි ප්‍රාදේශිය මාධ්‍යවේදි ලෙසින් මාධ්‍ය අංශයට ප්‍රවිශ්ඨවී පසුව මව්බිම, මව්රට ඇතුලු තවත් පුවත් පත් ගණනාවකම
කර්තෘ මණ්ඩලවල සේවය කල සිංහල, ඉංග්‍රිසි හා දමිළ බසද ප්‍රගුණ කළ විද්වතෙකි.

එයට අමතරව වර්ල්ඩ් විෂන් ආයතනය, රඔුක්කන පොලිස් උපදේශක කමිටුව, රඔුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය, කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදි
සංගමය වැනි පොදු ප්‍රජා සංවිධාන රැසකම ප්‍රධාන නිළතල දරමින් සමාජයට මහත් සේවාවක් ඉටුකල පුද්ගලයෙකි.

චන්ද්‍රසේන මාරසිංහ මහතා ‘ජනතා’ පුවත්පතට ‘පලදෙන පව්’ නමින් 1969 සැප්තැම්බර් 05 වැනි දින මංගල කෙටිකතාව ලියා පළකිරීමෙන් පසුව ලේඛන කලාවට පිවිසියේය. අනතුරුව ලේක්හවුස් ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් එක්ව තරුණි, බුදුසරණ, මිහිර, සුබසෙත යන සතිපතා ප්‍රකාශන සංග්‍රහවල සේවය කෙළේය. එහිදී තරුණියට ‘ඔබ එනතුරු’ නවකතාවත් බුදුසරණට ‘අහං අවේරෝහෝමි’ නවකතාවත් සතිපතා කොටස් වශයෙන් ලීවේය.

තරුණි සංග්‍රහයට පළමුවෙන්ම ලියූ ‘මගේ ලොවට සඳහිරු එපා’ යන ඉතාම ජනප්‍රිය වූ කෙටිකතාව ඔහුගේ පුවත්පත් කලාවේ සහ ලේඛන කලාවේ අබිරහස් fදාරටුව විදාරණය කළ ආශීර්වාදාත්මක ගුප්ත පියගැටපෙළ වූවේය. අනතුරුව, 1982 දී ‘දිවයින’ පුවත්පතට එක්ව හිටපු තැපැල් ඇමැතිවරයකු වූ ඇන්.එච්. කීර්තිරත්නගේ චරිත කතාව සතිපතා කොටස් වශයෙන් ලියා පළකෙළේය.

1992 දී සහකාර ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයකු වශයෙන් සේවය කරද්දී වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් රාජකාරියට බැඳුණේය.

ඉන් පසු 2004 සිට 2011 දක්වා ලක්බිම පුවත්පතේ සේවය කරන විට ‘වැටත් නියරත්’ විශේෂාංගය අරඹා මේ රටේ සිදුවූ සහ සිදුවෙමින් පවත්නා දූෂණ, වංචා සහ මගඩි දහස් ගණනක් හෙළිදරව් කෙළේය.

ඉක්බිති ජනසෙත සහ සියදෙස යන පුවත්පත්වලද (කොරෝනා ව්‍යසන සමයේ) සේවය කළ හෙතෙම මව්බිම පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කළේය.

අභාවප්‍රාප්ත වනවිට මාරසිංහ මහතා ‘මව්රට’ නියෝජ්‍ය කර්තෘ වශයෙන් කටයූත කරමින් සිටියේය.
ලංකාවේ පළමු වරට නාඩි වාක්‍ය ජ්‍යොතිෂ ක්‍රමය රටට හෙළිකළේ ද චන්ද්‍රසේන මාරසිංහය.

1969 ජනතා පුවපතේ ‘පලදෙන පව්’ කෙටිකතාවෙන් fදාරට වැඩි ඔහු, තමන් සේවය කළ පුවත්පත් සියල්ලටම පාහේ කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලීවේය. දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ‘රාක්‍ෂයාගේ බිරිය’ නම් කෙටිකතාවට සුධර්මන් වික්‍රමරත්න මහතාගේ පරිසර සංගමය විසින් පවත්වන ලද තරගයකින් හොඳම කතාව වශයෙන් තේරීමෙන් එනමින් කෙටිකතා පොතක්ද පළ කෙරුණේය.

දෙනගම සිරිවර්ධන සහ පුංචිහේවා යන මහත්වරුන් සංවිධාන කළ තරගයකින් මාරසිංහයන්ගේ ‘මිනිස්සු සහ දෙවියෝ’ යන කතාවට මුල්තැන හිමිවිය.

ඒ කතාවේ හරය වූයේ උතුරේ උදවියත් දකුණේ උදවියත් කවුරුන්ද යන්නය. එම කතාවේ නමින්ම කෙටිකතා සංග්‍රයක් ද මුද්‍රණය විය.

ඒ අතරතුරේ ඔහු කෙටිකතා පොතක් ද එළි දැක්වූවේය. නම ‘ජම්බි’ය. එහි ‘අපේ අය’ යන කතාව 1996 දී ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් වශයෙන්ද විකාශය විය.

මේ වනවිට හෙතෙම ‘සමන්පිච්ච සුවඳ’ සහ ‘නාඩි සූත්‍ර’ යන නම්වලින් කෙටිකතා පොතක් සහ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලියා නිමකර ඇත. හෙතෙම ඒවා පළකිරීමේ අපේක්‍ෂාවෙන් සිටියි.

නාඩි වාක්‍ය පොත දැනට වසර හය හත් දහසකට පෙර දඹදිව විසූ අගස්ති, වශිෂ්ඨ, කෞමාරභට්ට, නන්දිකේශ්වර, විශ්වාමිත්‍ර, කාකභුජන්දර ආදී ඉසිවරුන් විසින් ලෝකයේ සියලු ජන්මීන්ගේ එදා මෙදාතුර ජීවිත පලාපල විස්තරකර ලියන ලද ගුප්ත විද්‍යාත්මක ජ්‍යෙතිෂ පර්යේෂණ ග්‍රන්ථයකි.

දෙසැම්බර් 12 වැන දින අරලියගහ මන්දිරයේ පැවැති 2024 කලාභූෂණ (39 වැනි) සම්මාන උළෙලේදී ‘මව්රට’ ඉරිදා සංග්‍රහයේ නියෝජ්‍ය කර්තෘ චන්ද්‍රසේන මාරසිංහ මහතා වසර පනහකට වැඩි කාලයක් තිස්සේ මාධ්‍ය කලාවට සහ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙවර වෙනුවන් වූ ‘කලාභූෂණ රාජ්‍ය සම්මානය’, බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ ඇමැති හිනිඳුම සුනිල් සෙනවි මහතා විසින් මාරසිංහ මහතා වෙත පිරිනමනු ලබන අන්දම ඡායාරූපයෙන් දැක්වේ.

සබරගමු පළාතේ ලලිත කලාපති

රත්නපුර පළාත් මධ්‍යම පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දෙසැම්බර් 19 වැනි දින පවත්වන ලද සබරගමු පළාත් රාජ්‍ය සාහිත්‍යය කලා මහෝසවයේ දී චන්ද්‍රසේන මාරසිංහ ලේඛන කලාවට සහ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙවර වෙනුවෙන් ලලිත කලාපති සම්මානය සබරගමු පළාත් ආණ්ඩුකාරවර ඒ.ඒ. චම්පා ජානකී රාජරත්න පිරිනැමුවාය.

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේත් හොඳම කෙටිකතාකරු මාරසිංහ

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සාහිත්‍ය මහෝත්සවය පසුගියදා එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දහසකට ආසන්න ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් පැවැති අතර, කෙටිකතා, නවකතා, ගීත, ගැදිපැදි ආදී තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සියයකට ආසන්න පිරිසකට ත්‍යාග සහ සහතික පිරිනමනු ලැබිණි.

ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සංස්කෘතික නිලධාරිනී ලලිතා විමලරත්න මහත්මිය සහ ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ උපදෙස් මත හා සුධර්මා ජයසිංහ මහත්මියගේ සහායෙන් උත්සවය සංචිධාන කර තිබිණි.

විවෘත අංශයේ කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් චන්ද්‍රසේන මාරසිංහ මහතාට හිමි ත්‍යාගය ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මිය විසින් පිරිනමනු ලබන අන්දම ඉහත ඡායාරූපයෙන් දිස්වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ දීපිකා කලුගල්ල සහ සමෘද්ධි මූල්‍ය කළමනාකාර ජසින්තා ගුණවර්ධන මහත්මීහුද අසලින් සිටිති.

ප්‍රදේශවාසීන්ගෙන් උපහාර

තම ප්‍රදේශයට විශාල කීර්තියක් ගෙන ඒම සම්බන්ධව උදම් වන රඹුක්කන සූරියමළුවේ ඇන්තනී මාවතේ සිංහල, හින්දු (දෙමළ) සහ ඉස්ලාම් භක්තික තරුණ තරුණියන් චන්ද්‍රසේන මාරසිංහට උපහාර දැක්වූහ.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රසේන මාරසිංහයන්ගේ පාසල් සමයේ සිට මිතුරකු වන පසුගිය වසරේ සුගතදාස ක්‍රීඩාංගණගයේ පැවැති ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ තරග මාලාචේ සැතපුම් තුනේ ඇවිදීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිනූ වයි.ඇම්. පියසේන මහතා තම මිතුරාට සමරු තිළිණයන් පිරිනමන අයුරුයි. ගම්වාසීන්ගේ උපහාර උළෙල පාඨශාලාචාරිනී සඳමාලි දීප්තිකා කුමාරි විජේසිංහ සහ මහිම රූපලාවාන්‍යාගාර අධිපතිනි චතුරිකා යන මහත්මීහු උපහාර උත්සවය සංචිධාන කර තිබුණාහ.

SendShareShare
Previous Post

ආණ්ඩුවට දැන් නිදහස් මාධය වහකදුරු වෙලා! එදා මාධ්‍ය නිදහස ගැන මහඉහළින් කතාකළත් දැන් ජවිපෙටයි-පැලවත්ත පක්ෂ කාර්යාලයටයි වදින පුවතක් පළ කළොත් ඒ මාධ්‍යයට අපහාස කරනවා! නිදහස් මාධ්‍ය හැසිරෙන්නත් ඕන රජයටයි පැලවත්තෙ පක්ෂ කාර්යාලයටයි ඕනි විදිහටද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පෙට්‍රල් 10කින් අඩු වෙද්දී ලාෆ්ස් ගෑස් 420කින් වැඩි වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.