බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර තිබේ.Sri Lanka Latest News
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක, කොමිශන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස පළමු වෙනි දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් ලබාදීමට රජය අප්‍රේල් මස 2වනදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් නව චක්‍රලේඛය මගින් එම චක්‍රලේඛය අවලංගු කර ඇති අතර ඒ අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා ජුලි මස පළමුවන දින සිට ඉන්ධන නිකුත් කිරීම වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිදු කෙරෙනු ඇත.










