අරගලය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමට බලපෑ හේතු සහ අරගලයේ අනාගතය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පසුගියදා නුගේගොඩ පැවැති මැයි රැලියේදී අදහස් දැක්වීමක් කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ අරගලයට කම්කරු ජනතාව එක්නොවීම හේතුවෙන් එය ජයග්‍රහණය කර ගෙන යාමට නොහැකි වූ බවි.
එමෙන්ම අරගලය සමයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පවා කලබලයට පත්ව ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැදවීමට පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය.










