ගාලු දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට පිටිගල පොලිස් වසමේ බඹරවාන ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News
පෙරේදා (17) රාත්‍රී දොළහට පමණ කිසියම් පුද්ගලයකින් පිරිසක් විසින් කලහකාරි අන්දමින් හැසිරීම නිසා එය පිළිබඳව සොයා බැලීමට ගිය මන්ත්‍රීවරයාට එහිදී එක් පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම පහර කෑමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේදීම ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම පිළිබඳව පිටිගල පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.










