හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. Sri Lanka Latest News
අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් එම මහතා පැවසුවේ එසේ වෙන්කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4ක් බවයි.
“2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි. අපි සජබ ය කිව්වා IMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”
ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බවද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ රජය රට හදන්න වැල් පාර්ලිමේ ගියේ රෙදි ඇඳගෙන වුවත් අද ජනාධිපති අනුර දිසානායක මහතා හා වත්මන් ආණ්ඩුව වැල් පාර්ලිමේ යන්නේ රෙදි නැතුව යයිද ඔහු කියා සිටී.
අද පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දරන්නන් සමඟ ඇති ණය තිරසාර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවත් ඔහු පැවසීය.
ණය තිරසාර ගිවිසුම පිළිබඳ තොරතුරු මන්ත්‍රීවරුන් දැනගත යුතු බවත් පැවසූ ඔහු පසුගිය රජය ඇතිකරගත් එකඟතාවයෙන් ඉදිරියට යනවාද නැතිනම් අලුත් ගිවිසුමකට ගියාද යන්න දැනගන්න අවශ්‍ය යයිද පැවසුවේය.










