• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අලි-රාජාලි දීගය සහ අලි-ටෙලිෆෝන් දීගය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

February 8, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
අලි-රාජාලි දීගය සහ අලි-ටෙලිෆෝන් දීගය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපි යූ.ඇන්.පී.යේ ලේ හෝදලා ගොම ඉවත් කළා…’Sri Lanka Latest News

මේ, යූ.ඇන්.පී.යෙන් ඉවත් කළාට පසු රාජාලියා පක්ෂය නොහොත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා පසුව යළි යූ.ඇන්.පී.යට එක්වී ගාමිණී දිසානායක සිරිකොතට ඇවිත් කළ කතාවය. ගාමිණී, ලලිත් සහ ප්‍රේමචන්ද්‍ර යූ.ඇන්.පී.යෙන් ඉවත් කළාට පසු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගැහුවේ යූ.ඇන්.පී. නායක සහ ජනාධිපති ප්‍රේමදාසටය. ඔවුහු ප්‍රේමදාසගේ ප්‍රතිරූපය කුඩුපට්ටම් කළහ. ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාසගේ ඇමැති මණ්ඩලයටම පහර පිට පහර දුන්නේ යළි ප්‍රේමදාසගේ නායකත්වය යටතේ යූ.ඇන්.පී.යට එක්වන්න බැරි බව දැනගෙනය. රෙද්දක් ඇඳගෙන යළි සිරිකොතට යන්න බැරි බව දැනගෙනය. ලලිත් සහ ගාමිණී යළි යූ.ඇන්.පී.යට එකතු කරගන්න සාකච්ඡා කරන්න කියා ප්‍රේමදාස පක්ෂ ලේකම් සිරිසේන කුරේට සහ සභානායක රනිල්ට කීවේය. එම සාකච්ඡාවලදී ඔවුන් කීවේ ප්‍රේමදාසගේ නායකත්වය යටතේ යළි යූ.ඇන්.පී.යට එක්වීම දේශපාලන වශයෙන් සියදිවි හානි කරගැනීමක් කියාය.
ප්‍රේමදාස ඝාතනය වූවාට පසු යළි යූ.ඇන්.පී.යට එකතු වෙන්න ගාමිණී කැමැත්ත පළ කළේ හේතු කීපයක් නිසාය. පළමුවැන්න 1993 පළාත් සභා ඡන්දයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 10ක් පමණි. ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර නැතිව යූ.ඇන්.පී.ය පරාජය වූයේ බස්නාහිර පළාත් සභාව පමණි. වයඹ සහ දකුණේ බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණත් අනෙක් සියලු පළාත් සභා යූ.ඇන්.පී.ය තනිවම දින්නේය. මධ්‍යම පළාතේ මහ ඇමැති අපේක්ෂක ලෙස ගාමිණී තරග කළත්, ගාමිණී අන්ත පරාජයකට පත්විය. මේ හැමටත් වඩා ගාමිණි හිතුවේ ප්‍රේමදාස නැති යූ.ඇන්.පී.යට යෑම ජනතාව ඉදිරියේ සාධාරණීකරණයට ලක්කළ හැකි යැයි කියාය.

ඔහු සිරිකොතට ගිහින් අපි යූ.ඇන්.පී.යේ ලේ සහ ගොම සේදුවා යැයි කීවේ තමා යූ.ඇන්.පී.යට එක්වීමට සාධාරණ හේතුවක් දෙමින් යූ.ඇන්.පී.යත් දැන් වෙනස් වෙලාය යන මතය රටට දෙන්නටය. යූ.ඇන්.පී.යේ නායකයන් එයට එරෙහි නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ දිනන්නටය. යූ.ඇන්.පී.යේ නායක ජනාධිපති විජේතුංගට සහ අගමැති රනිල්ට ජනතා ආකර්ෂණයක් නැති බවත්, ඡන්ද දිනන්න බැරි බවත් ඔවුහු තේරුම් ගෙන සිටියහ. ඔවුහු ප්‍රේමදාස ජීවත්ව සිටියදීත් ප්‍රේමදාස ඝාතනය වූ පසුවත් ආණ්ඩුවත්, පක්ෂයත් ආරක්ෂා කළ රනිල්ව පරාජය කොට ප්‍රේමදාසටයි, ආණ්ඩුවටයි යූ.ඇන්.පී.යටයි වැටෙන්න ගහපු ගාමිණීව විපක්ෂ නායක ධුරයට පත්කර ගත්හ. ඒ පක්ෂය ගොඩ අරගෙන, ඡන්ද දිනන්න පුළුවන් ගාමිණීට බව ඔවුන් තේරුම් ගත් නිසාය. පසුව ඔවුහු සියල්ලන් ගාමිණීට ජනාධිපති අපේක්ෂකකම දියයුතු යැයි එක හඬින් කීහ. ප්‍රේමදාසවාදීන් පමණක් නොව සජිත් සහ ප්‍රේමදාස පවුලද ගාමිණි වෙනුවෙන් පෙනී සිටියහ. හේතුව හැමෝටම ඕනෑ වුණේ ජයග්‍රහණයය.

මේ, අලි-රාජාලි එකතු වුණු හැටිය.

අද යූ.ඇන්.පී.යත් සමගි ජන බලවේගයත් එකතු කරන්න සාකච්ඡා පටන්ගෙන ඇත. ඇත්තටම මේ සාකච්ඡා පටන්ගත යුතුව තිබුණේ ජනාධිපතිවරණයට පෙරය. ජනාධිපතිවරණයට පෙර අනුරට අභියෝග කළ හැකි දිනන අපේක්ෂකයා ලෙස ජනමත සමීක්ෂණ වාර්තා පෙන්වා දුන්නේ සජිත්වය. ඒ වෙලාවේ යූ.ඇන්.පී.ය කළ යුතුව තිබුණේ සජිත්ට පක්ෂයට ආරාධනා කොට ජනාධිපති අපේක්ෂකකම බාරගන්නා ලෙස ආරාධනා කිරීමය. ඒත් යූ.ඇන්.පී. නායක රනිල්ගේ සිට පක්ෂයම වැඩ කළේ සජිත් පරාජය කොට අනුරව දිනවන්නටය. හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ගෝඨාගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තේ දකුණු ඉවුරට සිටි එකම සහ ජයග්‍රාහී අපේක්ෂකයා වූ සජිත්ව ඉවර කරන්නටය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් ජනාධිපතිවරණයක් කට ළඟ තිබියදී අපේක්ෂකයාව පාවාදී හතුරා දිනවන්න පක්ෂ මාරු කරන්නේ නැත. තලතා අතුකෝරාල කළේ ඒකය. ඇය රනිල් පරදින බව දැන දැන සමගි ජන බලවේගයෙන් ඉවත් වී සජිත්ට පහර පිට පහර ගැහුවේ අනුරව දිනවන්නටය. ඇය ඉවත් වෙමින් කීවේ ජනාධිපතිවරණය ජවිපෙ දිනන බවය. ඇය රනිල් දිනන බව කීවේත් නැත. ඇය රනිල්ට කඩේ යන බව පෙන්වා වටෙන් කඩේ ගියේ අනුර කුමාරටය. අනුරත් ජවිපෙත් අන්තිම සතියේ සජිත්ට ගහන්න පාවිච්චි කළේ තලතාවය. අනුර ප්‍රසිද්ධියේම සම්මුඛ සාකච්ඡාවලදී සජිත් තලතාව නැතිකර ගැනීම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවේය.

‘සජිත්ව පරාජය කොට අනුරව දිනවන්න කුමන්ත්‍රණය කළ එහෙව් තලතාට යූ.ඇන්.පී.ය සමග සමගි ජන බලවේගය එකතු කරන්න අවංක වුවමනාවක් තියෙනවද…?’

එහෙම තියෙනවා කියා කවුරුන් හෝ හිතනවා නම් ඔවුන් දේශපාලන අඳබාලයන්ය. තලතා මේ එන්නේ පක්ෂ දෙක එකතු කරන්න නොව, සමගි ජන බලවේගයේ කොටසක් රනිල්ට කඩලා දීලා පුංචි ඡන්දයේදී අනුරත්, ජවිපෙත් දිනවන්නටය. පසුගියදා ජවිපෙ නිල වෙබ් අඩවියේ අපූරු නිවුස් එකක් පළකොට තිබිණි. ඒ නිවුස් එක නම් පක්ෂ දෙක එකතු කරන්න තලතාට අවංක වුවමනාවක් තිබුණත් රනිල්ට සහ සජිත්ට ඒ වුවමනාව නැති බවය. තලතා ගැන ජවිපෙට තියෙන්නේ මාර අනුකම්පාවකි.

2024 ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ කැම්පේන් එකේ ප්‍රධාන මාතෘකාවක් වුණේ අනුර සහ රනිල් ඩීල් එකය. අනුර, රනිල් සහ සජිත්ව එකට එකතු කරලා මුන් ඔක්කොම එකයි කියලා ගහද්දී සමගි ජන බලවේගය එය කවුන්ටර් කළේ අනුර සහ රනිල් ඩීල් එකක් ඇති බව කියලාය. ඒ වගේම රාජපක්ෂවරු ආරක්ෂා කළ යූ.ඇන්.පී. හොරු සමග තමන් එකතු වෙන්නේ නැතැයි සමගි ජන බලවේගය ජනතාවට පොරොන්දු විය. සමගි ජන බලවේගය පසුගිය මහ ඡන්දයේදී කීවේ රනිල් නැතිනම් සජිත් දිනනවා කියාය.

කතාව ඇත්තය. රනිල් ඡන්දෙට අන්තිම සති දෙකේ සජිත්ට දිනන්න අවශ්‍ය 50% ගන්න පුළුවන් සුළු ජාතික ඡන්ද තියෙන උතුරු-නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ බැහැලාම හිටියේ සජිත්ගේ සුළු ජාතික ඡන්ද කඩා අනුරව දිනවන්නටය. ඔහු පරදින බව දැන දැනම ඉල්ලුවේත්, අවසන් සති දෙකෙහි දමිළ ජාතික සන්ධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ්ගේ පක්ෂයේ, මනෝ දිගම්බරම්ගේ පක්ෂයේ ප්‍රබලයන්ට බාර් ලයිසන් දෙමින් සංවර්ධන වැඩ සඳහා මුදල් දෙමින් ඔවුන්ව තම වේදිකාවට ගත්තේත් සජිත්ව පරාජය කොට අනුරව දිනවන්නටය.

රනිල් හිතුවේ සජිත් පරාජය වූවාට පසු දේශපාලනයේ නත්නත්තාර වී සමගි ජන බලවේගය යූ.ඇන්.පී.යට එකතු කරගෙන විපක්ෂ නායක වෙන්නටය. ඒ ගේම වැරැදුණාට ඔහු සමගි ජන බලවේගයට කියන්නේ ඔහුගේ වසර දෙකේ ආණ්ඩුවේ පවුවලට කරගහපල්ලා කියාය. හරීන්ට, මනුෂට තියෙන චෝදනාවලින් ඔවුන්ව නිදහස් කරගන්න සටන් කරපල්ලා කියාය.

අද මේ දේශපාලනයේ පවුකාරයන්ට ගල් ගහන්න කීවොත් ගලක් ගහන්න බැරි එකම පක්ෂය සමගි ජන බලවේගයය. එහි නායක සජිත් මෙරට කවදාවත් ජනාධිපතිකම්, අගමැතිකම් කර නැත. රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් ඇරෙන්න සමගි ජන බලවේගයේ ඉන්නා කවුරුත් ඇමැතිකම් කර නැත.

ජවිපෙ 2024 කීවේ ‘අපි කවදාවත් අගමැතිකම් ජනාධිපතිකම් කරලා නෑ, අපිට දීලා බලන්න’ කියාය. අද ජවිපෙට ඒ කතාව කියන්න බැරිය. එදත් සමගි ජන බලවේගයට මේ කතාව කිව හැකිව තිබුණත් ඔවුන්ගේ කැම්පේන් එකට සහ කටවල්වලට හෙණ ගහලා තිබුණු නිසා ඒ ස්ලෝගන් එකෙන් ප්‍රයෝජන ගත්තේ නැත. අද ජවිපෙට ඒ ස්ලෝගන් එක පාවිච්චි කරන්න බැරිය. යූ.ඇන්.පී.ය එක්ක එකතු වුණොත් සමගි ජන බලවේගයටත් මේ ස්ලෝගන් එක ගන්න බැරිය. ජවිපෙ මේ දෙක එකතු වෙනවාට කැමැති ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

185ක් ගාව තවම ආණ්ඩුවේ තුවක්කු! Sri Lanka Latest News

Next Post

ලංකාවේ කොටි බලන්න ගාලු කොටුවට එන්න! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.