මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය මගින් යෝජනා කර තිබෙන විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීම මෙම මස 18 දින දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ( ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය.Sri Lanka Latest News
මෙම තීරණයට අදාළව වාචිකව මහජන අදහස් විමසීම සිදුකරන බවද, ඒ අනුව රැස්වීම් පහක් සංවිධාන කර තිබෙන බවද, මහජන අදහස් ලබාගැනීමේ එම රැස්වීම් වව්නියාව, අම්පාර, මාතලේ, හම්බන්තොට, මෙන්ම කොළඹ යන නගරවලදී පැවැත්වෙන බවද ජයනාත් මහකා කීවේය.
එමෙන්ම යෝජිත විදුලිබල ගාස්තු සංශෝධනයට අදාළ ලිඛිතව ඉදිරිපත් කෙරෙන අදහස් මෙම මස 18 වැනි දින දක්වා භාරගැනෙන බවද, මෙම මහජන අදහස් යොමුකිරීම සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව, 6 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට යොමුකළ හැකි බවද හෙතෙම කීවේය.
එයට අමතරව මහජනතාව ඉදිරිපත් කෙරෙන අදහස් 0112 392641 ෆැක්ස් අංකයට හෝ 0764 271030 දරණ වට්ස්ඇප් අංකයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවද ජයනාත් මහතා කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










