දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් ක්‍රියාත්මක ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරිපස වම් පාදයට බරපතළ තුවාල සිදුවී සිටි අග්බෝ නැමැති හස්තියා පසුගිය ජුනි මස 12වැනිදා සිට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පසු වෛද්‍ය කණ්ඩායම එක්ව ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබයි. (Sri Lanka Latest News)
මීට සති කිහිපයකට පෙරද අවස්ථා කිහිපයක් වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එක්ව අග්බෝ ඇතාට විශේෂ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලැබීය.
එලෙසම ඊයේ(30) අග්බෝ හස්තියාට, පශුවෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ හස්තියා නිද්‍රා කිරීමෙන් අනතුරුව හස්තියාගේ වෙඩිවැදී තුවාල සිදුවූ පාදයේ එක්ස් රේ පරීක්ෂාවන් සහ පාදයේ තුවාල සදහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතුද සිදුකළේය.
dinamina










