• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලබන අවුරුද්දේ ආර්ථිකය ‘+’ වෙනවලු! වෙළෙඳ ඇමැති කියන්නේ! I Sri Lanka Latest News

October 4, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලබන අවුරුද්දේ ආර්ථිකය ‘+’ වෙනවලු! වෙළෙඳ ඇමැති කියන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News

පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ‍මෙසේ ද පැවසීය,

අපි දැනට IMF වැඩසටහනේ දෙවන වාරිකය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී ඔවුන් අපට ලබා දී තිබූ ඉලක්කවලට අදාළ ඇගයීම් පිළිබඳව අවධානය යොමු කෙරුණා.

රාජ්‍ය ආදායම් උත්පාදනයට අදාළව කරුණු කිහිපයක ප්‍රමාදයන් තිබුණත් අපි රජයක් විදිහට ඒ සඳහා වෙහෙසුණා. ඒ වගේම අපි විවිධ ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබෙනවා. එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි නායකත්වය ද ලබා දී තිබෙනවා.

මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීම හැකියාවක් තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි.

අද දිනය වන විට සිදු කෙරෙන පුරෝකථනයන්ට අනුව 2024 වසරේ දී 1.8%ක හෝ 1.9%ක ධන ආර්ථික වේගයක් සඳහා ගමන් කිරීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිමය ආර්ථික වැඩපිළිවෙළ තුළ පාරිභෝගිකයාට දරාගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබාදීම ප්‍රධාන අරමුණක් වුණා.

ඒ අනුව මීට පෙර 94% ක් ලෙස පැවති ආහාර උද්ධමනය -5.1%ක් දක්වා අඩු කිරීමට අපට හැකි වී තිබෙනවා. මෙරට පැවති උද්ධමනය මෙන්ම ආහාර උද්ධමනය මෙතරම් කඩිනමින් පහතට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඇතැමුන් විශ්වාස කළේ නැහැ. මෙරට ආර්ථිකය පසුගිය වසරට වඩා මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ රජය විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිවල නිවැරදි භාවය නිසයි.
එමෙන්ම 30% ත් 32%ක් දක්වා ඉහළ ගිය බැංකු පොලී අනුපාතිකය 15%-16%ක් දක්වා අඩුවීම නිසා මෙරට ව්‍යවසායකයන් සහ වෙළෙඳුන් මත තිබූ විශාල පීඩනයක් දැන් ඉවත් වී තිබෙනවා. ඒ හරහා මේ රටේ ආර්ථිකය නැවතත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා.

ඒ වගේම පැවති ආර්ථික අර්බුදයත් සමඟ අපට තිබු විශාලම ප්‍රශ්නය තමයි විවිධ ආනයනික භාණ්ඩ තහනම් කිරීම. එමගින් අපට අන්තර් ජාතික වෙළදාමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවුණා. ඇතැම් ආනයන සීමා කිරීම නිසා දේශීය නිෂ්පාදකයාට ද විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දීමට සිදු වුණා.
අපි නිෂ්පාදනය කරන්නේ ජාතික පරිභෝජනයට පමණක් නෙවෙයි, අපනයනය ද ඉලක්ක කරගනිමින්. නමුත් ඇතැම් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කළ නොහැකි වූ විට නිෂ්පාදන කටයුතු අඩපණ වෙනවා. එය ජාතික නිෂ්පාදනයට මෙන්ම අපනයන ආදායම පහත වැටීමට ද බලපානවා.

ඒ වගේම කුමන ආකාරයේ ආනයනයන් සඳහා අප ඉඩ දිය යුතු ද යන්න පිළිබදව පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ගැඹුරින් අවධානය යොමු කළා. ඊට අනුව දැනට අප වාහන ආනයනය හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනය සහ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම පිළිබඳව ද තීන්දු කර තිබෙනවා.

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ ද සූදානමක් පවතිනවා. එහිදී කුමන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේ ද යන්න පිළිබදව ද අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳ පළ සමතුලිතතාවයෙන් ගිලිහුණු අවස්ථාවේ සමාගම් විශාල වශයෙන් ලාබ ලබාගැනීමට කටයුතු කලා. එහිදී ජනතාව පීඩාවට පත් වුණා. එනිසා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයටයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-10-04

SendShareShare
Previous Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අරක්ෂාවට පොලිසිය සහ යුද හමුදාව කැඳවයි! රට පුරා දුම්රිය ස්ථාන රැසක මගීන් සහ දුම්රිය සේවකයන් කලහකාරී ලෙස හැසිරෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් 2024 අයවැය රහස් පාර්ලිමේන්තුවට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.