පසුගිය රජය සමයේ සිදු වූ, තවත් එක් ප්‍රධාන දූෂිත ගනුදෙනුවක් වන “ඊ වීසා මගඩිය” පිළිබද ආන්දෝලනාත්මක තොරතුරු රැසක්, ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විගණන දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කර තිබේ.Sri Lanka Latest News
විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන වාර්තාවට අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පැවති ඊ වීසා නිකුත් කිරීමේ කාර්යය, කිහිප දෙනෙකුගේ උවමනාව මත පෞද්ගලික සමාගමකට පවරා දීමෙන් පසුව, ඒ වෙනුවෙන් රජයට අය විය යුතු යුතු කිසිදු මුදලක් රජයට ලැබී නැත.
එපමණක් නොව, වීසා ගාස්තු-වලින් නිදහස් වීමේ ඛාණ්ඩයට ඇතුළත්ව සිටි සංචාරකයන්ට එම වරප්‍රසාදයද මේ හේතුව මත ලැබී නැත.
විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන වාර්තාවට අනුව, ඊ වීසා නිකුත් කිරීමේ බලය වීඑෆ්එස් සමාගමට පවරා දී තිබුණු 2024 අප්‍රේල් 17 සහ 2024 අගෝස්තු 2 අතර කාලය තුළ නිකුත් කර තිබෙන වීසා ප්‍රමාණය අනුව ඒ සදහා අවම වශයෙන් ඩොලර් දහ අට ලක්ෂ විසි දහස් හාරසිය දහ අටක මුදලක් උපයාගත හැකිව තිබුණි.
නමුත් විගණන වාර්තාව සදහන් කරන ආකාරයට, එකදු ඩොලරයක් හෝ රජයට ලැබී නැත.
බැලූ බැල්මට දැවැන්ත වංචාවක් ලෙස පෙනෙන මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබදව විධිමත් විමර්ශනයක් සිදු කර, වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව විනය හා අනෙකුත් ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන වාර්තාව නිර්දේශ කරයි.
ඊ වීසා නිකුත් කිරීමේ බලය ලබා දෙන ලෙස ඉල්ලමින් වීඑෆ්එස් සමාගම විසින් කරන ලද යෝජනාව බලාත්මක කිරීම සදහා කැබිනට් පත්‍රිකා සකස් කිරීමට මැදිහත් වූ නිළධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු නොකළ පිරිස් සහ ඊ වීසා නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම විදේශීය රටක බැංකු ගිණුමකට බැර කිරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර තිබේ.










