විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. Sri Lanka Latest News
ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වී සිටිති.
මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
සජීවී විකාශය පහතින්,










