හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩර් රථයක් වාරියපොලදී අනතුරට ලක්ව ඇති අතර එම රථයේ රියදුරු වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
හිටපු මන්ත්‍රී මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ පසු ගමන් රථය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොලක ගැටී ඇත.
අනතුරින් බස් නැවතුම්පොලට හානි වීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව හිටපු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට දැඩි විරෝධයක් පළකර ඇත.
හිටපු මන්ත්‍රීවරයාගේ රථය තුළ ගිනිඅවි පවතින බවට පසුව එම ප්‍රදේශවාසීන් පොලීසිය පැමිණිලි කර ඇති අතර පසුව වාරියපොල පොලිස් ස්ථානයේදී එම රථය පරීක්ෂාවට ලක්කර ඇත.
අනතුරුව පරීක්ෂාවට ලක්කිරීමේදී රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයාගත් බවත් ඒවායේ බලපත්‍ර ලබන (31) වනදා දක්වා වලංගු බැවින් ඩිෆෙන්ඩර් රථය සහ ගිනිඅවි මුදා හැරීමට පොලීසිය කටයුතු කර ඇත.










