• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩීප් ස්ටේට් සහ වචීපරම චින්තකයෝ! Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩීප් ස්ටේට් සහ වචීපරම චින්තකයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද උදෑසනම වාගේ ඩීප් ස්ටේට් ගැන වීඩියෝ දෙකක් ඇස ගැසුණි. එකක් නිර්මාල්ගේ වන අතර අනෙක තරිඳුගේ විය යුතුය. එයින් නිර්මාල්ගේ එක මුල සහ අග සහිතව තැනින් තැන බැලුවෙමි. බැලූ තැන් අනුව මට පෙනුණේ නිර්මාල් කියන්නට උත්සාහ කරන්නේ ඩීප් ස්ටේට් කියා විශේෂ දෙයක් නැති බව සහ තිබෙනවා නම් ඒ මාක්ස්වාදී විග්‍රහයෙහි තිබූ රාජ්‍යය පිළිබඳ අදහස පමණක් බවයි. (ඒ එසේ නොවේ නම් කවුරුන් හෝ මාව නිවැරදි කරන්න). තරිඳුගේ එක බලන්නට වෙලාවක් ලැබුණේ නැත. Sri Lanka Latest News

මේ ඩීප් ස්ටේට් ගැන මට කියන්න තිබෙන්නේ මෙපමණය. නිර්මාල් කියනවා මෙන්ම එහෙම ඩීප් ස්ටේට් කියා විශේෂ දෙයක් නැත. මේවා මේ ලංකාවේ චින්තකයන් වෙන්නට දඟලන අය විසින් කලින් කලට හොයාගන්නා ෆැන්සි වචන මිස වෙන දේවල් නොවේ. කොටින්ම අලුත් අලුත් වචන හඳුන්වාදීම මගින් මැජික් පෙන්වීම හැර ගැඹුරු විග්‍රහයන් සමග මේවා කිසිසේත් සම්බන්ධ නැත. පහුගිය කාලයේ ප්‍රසිද්ධ වූ තවත් මෙවැනිම වචනයක් නම් ‘වාමාංශික ජාතිකවාදය’ යන්නයි. මේ බොහෝ වචන එක්කෝ මේ යුගයට අදාළ නැත. නැතිනම් ඒවාට ඒ තරම් තේරුමක් නැත.

ඇත්තටම මේ වචන ගෙනත් අතහරින අය විසින් කරන්නේ ඉතා සරල අදහස්වලට, ඒවාට හිමි නොවිය යුතු ගාම්භීරත්වයක් ලබාදීමට උත්සාහ කිරීම මිස වෙන දෙයක් නොවේ. කොටින්ම මේ වචනවලට රැවටෙන බොහෝ අය මේවා ගැඹුරු විග්‍රහයන් සේ සිතුවත් මේවා හුදෙක් අලුත් වචන පමණකි.

ඩීප් ස්ටේට් යන වචනය (මගේ මතකය නිවැරදි නම්) ප්‍රචලිත වූයේ ට්‍රම්ප් ජනාධිපතිගේ කාලයේදී ඇමෙරිකාව සම්බන්ධයෙනි. ඔහුට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ තමන්ගේ ආණ්ඩුව තමන්ට වුවමනා පරිදි කරගෙන යාමට රාජ්‍ය අරක්ගෙන සිටින වෙනත් අභ්‍යන්තර කණ්ඩායමක් ඉඩ නොදෙන බව කියා පෑමටයි. මීට පෙර ඒ වචනය තුර්කිය සම්බන්ධයෙන් යොදාගෙන තිබූ බව ඒ යුගයේ විචාරකයෝ පෙන්වා දුන්හ.

රාජ්‍ය බලය අලුත් ආණ්ඩුවකට මාරුවූ විට ඊට පෙර කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවලට සම්බන්ධව සිටි නිලධාරීන්ගෙන්, රාජ්‍ය ආයතනවලින් සහ වෙනත් බලපෑම්සහගත පුද්ගලයන්ගෙන් ඒ අලුත් ආණ්ඩුවේ සමහර ක්‍රියාකාරකම්වලට එරෙහි යම් ප්‍රතිවිරෝධයක් ඇතිවීම ඒ තරම් පුදුම වෙන්නට දෙයක් හෝ බරපතළ වචනයකින් හඳුන්වන්නට තරම් දෙයක් නොවේ. සාමාන්‍යයෙන් ආණ්ඩුව වෙනස් වෙන වේගයෙන් සමස්ත රාජ්‍යය යාන්ත්‍රණය වෙනස් නොවන නිසා ඒ දෙක අතර තාවකාලික නොගැළපීම් ඇතිවීම ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි දෙයකි. ට්‍රම්ප් සුපුරුදු පරිදි මහා ජල්ලියක් ඇල්ලුවේ මේ සරල දෙය ආශ්‍රයෙනි. ඔහුට අවශ්‍ය වූයේ තම පාක්ෂිකයන්ව ප්‍රබෝධමත් කිරීම සහ තමන්ට ඕනා හැටියට වැඩේ කරගෙන යාමට ඉඩ නොදෙන රාජ්‍ය ආයතන ටික පසුබැස්සවීමය. ඇත්තෙන්ම කිවහොත් ට්‍රම්ප්ලාගේ මේ ඩීප් ස්ටේට් කතාව, ලංකාවේ 2010 මැතිවරණ පරාජයෙන් පසුව ඉදිරිපත් වූ කම්පියුටර් ජිල්මාට් කතාවට දෙවැනි නැත.

මෙවැනි වචනයක් හමුවීම යනු ලංකාවේ සමහරුන්ට කදිම අවස්ථාවකි. මේ අයට සමාජය හෝ දේශපාලනය පිළිබඳ ගැඹුරු දැනුමක්වත්, ඒ පිළිබඳ විග්‍රහයක් කරගැනීමේ හැකියාවක්වත් නැත. තිබෙන එකම හැකියාව වන්නේ ඉතා සරල දේවල්, අමුතු හෝ අමාරු වචනවලින් හඳුන්වා දීමේ හැකියාව පමණකි. ලංකාවට පසුගිය කාලයේදී ඩීප් ස්ටේට් යන්න හඳුන්වා දුන්නේද එසේමය.

ඇත්තටම ඩීප් ස්ටේට් කියා දෙයක් නැත. තිබෙන්නේ ස්ටේට් එක (රාජ්‍ය) සහ ගවන්මන්ට් (ආණ්ඩුව) එකයි. දේශපාලන විද්‍යාවේ එන ඉතාමත්ම සරල සංකල්පයක් වන ස්ථාවර විධායකය සහ දේශපාලන විධායකය යන වචන දෙකෙන් පෙන්වා දෙන්නේ ද එයයි. ඩීප් ස්ටේට් කියා සමහරු මහා ගුප්ත දෙයක් සේ පෙන්වන්නට හදන දෙය, සරල දේශපාලන විද්‍යාවට අනුව නම් රාජ්‍යය හෙවත් ස්ටේට් එකයි. ඩීප් නොවන ස්ටේට් එක යනු වෙන කිසිවක් නොව ආණ්ඩුවයි. උසස් පෙළ දේශපාලන විද්‍යා පාඨමාලාව පටන් ගන්නේම මට මතක හැටියට රාජ්‍ය සහ ආණ්ඩුව අතර මේ සරල වෙනස කියාදීම මගිනි. ඒ අනුව ‘ඩීප් ස්ටේට් චින්තකයන්’ විසින් මේ කරමින් සිටින්නේ රෝදය යළි සොයාගැනීම පමණක් නොව, රෝදයට රෝදය නොකියා වෙන මොකක් හෝ අමුතු නමක් දීම මගින් තමන් අලුත් දෙයක් සොයාගත් බව පෙන්වාලීමය.

මේ අයව හඳුනා ගැනීම සඳහා ‘වචීපරම චින්තකයන්’ යන යෙදුම මෙයින් පසුව භාවිත කිරීමට අදහස් කරමි. එනම් අමුතු වචන නිසා පමණක් චින්තකයන් වන්නේය යන අර්ථයෙනි.

ඉතාම කෙටියෙන් කිවහොත් ඩීප් ස්ටේට් කියා දෙයක් නැත. තිබෙන්නේ රාජ්‍යයයි. එම රාජ්‍යය ගොඩනැගී ක්‍රියාත්මක වන නීති, සම්ප්‍රදායන් සහ පුරුදු තිබේ. එමෙන්ම ඒවාට සම්බන්ධව සිටින නිලධාරීන්ට යම් යම් පක්ෂපාතීත්වයන්ද තිබේ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් බලයට පත්වූ විට සමහර ඝර්ෂණයන් ඇතිවේ. රාජ්‍යයට නැතත් ආණ්ඩුවලට සමාජය සමග එබඳු නොගැළපීම් ඇතිවන බව අපි දනිමු. තමන්ට නීතියෙන් කරන්නට බලය ලැබී ඇති දෙයක් පවා සමහර ආණ්ඩුවලට ආගමික සංස්ථා වැනි සාමාජීය ආයතන නිසා කරන්නට නොහැකි වන බව අපි දකිමු. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආකාරය එයයි. ඒ විනා එහි මතුපිටට නොපෙනෙන ගැඹුරු, ඩීප් දෙයක් නැත.
ලංකාවේ මේ වචීපරම චින්තකයන්ව උසස් පෙළ දේශපාලන විද්‍යා පන්තියකට යැවිය යුතුය. නැතිනම් සිදුවන්නේ අර කිසිදු පදනමක් නැති මුසාවාදයක් වූ කම්පියුටර් ජිල්මාට් කතාව සමාජගත වූ පරිද්දෙන් මේ ඩීප් ස්ටේට් කතාවද සමාජගත වී, සාමාන්‍ය මහජනයාට නොපෙනෙන එමෙන්ම තමන් ඡන්දය දී බලයට පත්කරන ආණ්ඩුවට පාලනය කරගත නොහැකි මහා ගුප්ත, අබිරහස්, බලසම්පන්න දෙයක් මේ රටේ ඇතැයි සිතන තැනට සාමාන්‍ය ජනයා පත්වීමය.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

SendShareShare
Previous Post

ජන ජීවිතය හා පරිසර විනාශයි! එදා සාම්පූර් නරකයි – අද සාම්පූර් හොඳයි! ජවිපෙට මොකක්ද මේ වුණේ? Sri Lanka Latest News

Next Post

අලින්ට කරන සේවාවට අලියත් ඔළුව පාත් කරන කාසිකොටේ අලි කුමාර! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.