මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි මස 05 ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා. Sri Lanka Latest News
මෙම පෙත්සම අද අභියෝජනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට විනිසුරු මඩුල්ල විසින් සතියක කාලයක් ලබා දුන්නා.
ඉන් අනතුරුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මැයි මස 05 වනදා ප්‍රකාශයට පත් කරන කළ බවත් විනිසුරු මඩුල්ලක නියම කළා.
පොදුජන පෙරමුණේ පාලක, ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
පෙත්සම්කරු කියා සිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරමින් එවැනි රාජ්‍ය තනතුරක් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසුකමක් බවත් පෙත්සම්කරු චෝදනා කළා.
ඒ අනුව ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු යැයි තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.










