මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා නොවැම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (06) දින නියම කළේය.Sri Lanka Latest News
මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී පැමිණිල්ල විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වයට භාරදුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.










