පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා නියෝග කර ඇත.Sri Lanka Latest News
ඒ වන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.
පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබිණි.
ඒ අනුව අද (24) දින අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය මෙම මස 28 වන දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කර ඇත.
ඉන් අනතුරුව උද්භිත උද්‍යානයේ ඊට අදාළ නිලධාරියෙකු ගෙන්වා පර්යේෂණයක් කර ගස හඳුනාගැනීමෙන් පසු, සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙසත් නියෝග කර තිබේ.










