මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා .Sri Lanka Latest News
2018 වසරේ මාර්තු 16 වනදා වැඩිදුර වාර්තාවට අනුව එම ගණුදෙනුවට අදාළ මුල් ලේඛනය අස්ථාන ගතවී ඇති බවයි විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
සිංගප්පුරු ජාතික ටී එස් ලී සහ ජේ ලේක්හිම් යන අය ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.










