• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාසෙකට පෙට්‍රල් තෙල් ලීටර් 2250යි! එතනම ලක්ෂ 10යි! දුරකතනවලට මාසෙකට 40000යි! ගෙයක් නැති අයට ලක්ෂයයි! කාර්ය මණ්ඩලයේ 15 දෙනාගේ පඩිවලට අමතරව ෆෝන්වලට 26000යි! පොලිසියේ 8ක ආරක්ෂාව! අමාත්‍යංශ-කාර්යාලවලට ලේකම්වරු-නියෝජ්‍ය ලේකම්වරු! අලුත් ඇමැති නඩත්තුවේ වියදම එළියට එයි! (VIDEO)

September 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මාසෙකට පෙට්‍රල් තෙල් ලීටර් 2250යි! එතනම ලක්ෂ 10යි! දුරකතනවලට මාසෙකට 40000යි! ගෙයක් නැති අයට ලක්ෂයයි! කාර්ය මණ්ඩලයේ 15 දෙනාගේ පඩිවලට අමතරව ෆෝන්වලට 26000යි! පොලිසියේ 8ක ආරක්ෂාව! අමාත්‍යංශ-කාර්යාලවලට ලේකම්වරු-නියෝජ්‍ය ලේකම්වරු! අලුත් ඇමැති නඩත්තුවේ වියදම එළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය බිඳවැටී ජනතාවගේ ආහාර අහේනියක් ඇති වී තිබෙන සහ අදි උද්දමනකාරී තත්වයක් පවතින අවස්තාවේ අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබාගෙන රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝශ දර්ෂණයට ලක්කරනු ලැබීය.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් දැක්වූයේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී ඔහු අවධාරණය කලේ ජනතාව මත අතිවිශාල බදු බරක් පටවා ඔවුන්ට කන් හැන්දෙන්වත් ප්‍රතිලාබ නොදී ඇමතිවරු
බැකෝ යන්ත්‍ර වලින් බෙදාගන්නා බවය. එහිදී වැඩිදුරටත් පලකල අදහස් පහත දැක්වේ.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් පත්කර ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තවත් කැබිනට් අමාත්‍ය ධූරත් ලබාදීමට නියමිතයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි තරම් ආර්ථික අමාරුකම් තිබෙන අවස්ථාවක, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල හතර ගුණයකට වඩා වැඩි කර විදුලි ගාස්තු දෙගුණයකින් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා. ජල ගාස්තුත් වැඩිකර අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් විශාල වශයෙන් ඉහළ යවා තිබෙනවා. ජනතාව එදිනෙදා ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා. ආණ්ඩු ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවගේ මේ ගැටලු විසඳන්නයි. නමුත් වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ අයගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්නයි. රනිල් වික්‍රමසිංහ තමන් තෝරා පත්කර ගන්න ඡන්දය දුන් 134 දෙනාගේ ගැටලු විසඳීමේ යෙදී සිටිනවා. තමන්ගේ ආච්චි සහ සීයා ‘ණයක් ගත්තොත් ගෙවන්න’ යනුවෙන් උපදෙස් දී ඇති බව රනිල් වික්‍රමසිංහ පක්‍ෂ සමුළුවේදී ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය බැසිල් රාජපක්‍ෂගෙන් ණයට ගත් එකක්. දැන් ඒ ණය පියවමින් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු 29කට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 06ක් සහ සජබ නියෝජනය කරන දෙදෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී බැසිල් රාජපක්‍ෂගේ ණය ගෙවමින් සිටිනවා. ඊට අමතරව තව කැබිනට් අමාත්‍ය ධුරත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරත් ලබාදී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ බැසිල්ගේ ණය ගෙවීමට පත්කරන රාජ්‍ය ඇමතිවරුන් වැටුප් ගන්නේ නැති බවට ප්‍රචාර ගෙනයනවා. ඔවුන්ට වැටුප අදාළම නැහැ. 2016 අප්‍රේල් මාසේ 19වැනිදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව ඇමතිවරුන්ට ලබාදී ඇති ප්‍රතිපාදන එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහාද වලංගු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙකුට අහිමි එකම දේ කැබිනට් මණ්ඩලයට සහභාගි නොවීම පමණයි. අදාළ අමාත්‍යවරයා මගින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල වශයෙන් වාහන 03ක් ලැබෙනවා. බස්නාහිර පළාත තුළ නම් පෙට්‍රල් වාහන එකක් සඳහා ලීටර් 600ක් සහ බස්නාහිර පළාතෙන් පිට ලීටර් 750ක් මසකට ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් බස්නාහිර පළාත තුළ ලීටර් 500ක් සහ ඉන් පිට ලීටර් 600ක් ලැබෙනවා. මෙවැනි වාහන 03ක් සඳහා පෙට්‍රල් ලීටර් 2250ක් ලැබෙනවා. පවුලක් ජීවත් කරවන ත්‍රී වීල් එකකට දෙන්නේ ලීටර් 05යි. රාජ්‍ය ඇමතිවරුන්ට පෙට්‍රල් ලීටරයක් රු. 450 බැගින් රුපියල් 1,0125,00ක් මාසයකට තෙල් සඳහා ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් ලීටර් 1800ක් ලැබෙනවා. රු. 430 බැගින් රු. 778,000ක් ලැබෙනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට තෙල් සඳහා විශාල වරප්‍රසාදයක් හිමි වෙනවා.

ඒ වගේම ඇමතිවරයෙකුට දුරකතන කාර්යාලයට දෙකක්, නිවාසයට දෙකක් සහ ජංගම දුරකතනයක් ලැබෙනවා. කාර්යාලයේ දුරකතන දෙක වෙනුවෙන් රු. 20,000ක් රාජකාරී නිවාස දුරකතනයය වෙනුවෙන් රු. 10,000ක් සහ ජංගම දුරකතතනයට රු. 10,000ක් වශයෙන් රු. 40,000ක් ලබාදෙනවා. මේ මුදල් ලබාදෙන්නේ මාසික ස්ථාවර ගාස්තුවලට සහ බදු මුදලට අමතරවයි. ඉන්ධන සඳහාත් මිල ඉහළ යන විට මාසික දීමනාවක් ලෙස ගණනය කරනවා. අදාළ මාසයේ පළමුවැනි දින දේශීය වෙළඳපොළේ පවතින මිල ගණන්වලට අනුවයි එම ගණනය කරන්නේ. ඉන්ධන මිල ඉහළ යාමට සමාන්තරව ඇමතිවරුන්ට ලැබෙන ගාණ වැඩිවෙනවා. ඒ මුදල් අතට ලැබෙනවා. ඊට අමතරව නිවාස සහ අනෙකුත් සියලුම පහසුකම් මහජන මුදලින් ලබා දෙනවා. ඒ ගොල්ලෝ බුදිය ගන්නෙත්, කන්නෙ බොන්නෙත් මහජන මුදල්වලින්. ඒ නිවාසවලට අදාළ හැඳි ගෑරුප්පු පවා මහජන මුදලින් ලබා දෙනවා. ගෙයක් ලබාගන්න බැරිවෙන ඇමතිවරුන්ට පැරණි චක්‍රලේඛ අනුව රු. ලක්‍ෂයක දීමනාවක් ලබා දෙනවා.

ඇමති කාර්ය මණ්ඩලයට 15 දෙනෙක් ලබා දෙනවා. පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරීවරයෙක්, පෞද්ගලික සහකාර මහජන සම්බන්ධතා නිලධාරීන් පහක්, කාර්යාල සහායක දෙදෙනෙක්, රියදුරු දෙදෙනෙක්.. ආදී වශයෙන් 15ක් ලැබෙනවා. ඔවුන්ගෙන් පස් දෙනෙකුට මහජන මුදලින් බිල් ගෙවන දුරකතන ලැබෙනවා. රු. 5,000 සිට 6,000දක්වා බිල් ඔවුන් වෙනුවෙන් ගෙවනවා. ස්ථාවර ගාස්තු සහ රජයේ බදු ඉවත් කර ලබාදෙන මුදල මේක. ආරක්‍ෂාව වෙනුවෙන් ඇමතිවරයෙකු හට පොලිස් නිලධාරීන් 08ක් ලබා දෙනවා. මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ලබා දෙනවා. අපිනම් ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් ලබාගෙන නැහැ. ඉන්ධන සමග පසු ගමන් ආරක්‍ෂක රථයක් ඇමතිවරයෙකට ලබා දෙනවා. රාජ්‍ය අමාත්‍ය ධුර වෙනුවෙන් ලබාදෙන අමාත්‍යාංශ කාර්යාලවලට කුලිය ගෙවන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට වාහන ඉන්ධන දුරකතන ඇතුළු වරප්‍රසාද ලබා දෙනවා. අතිරේක ලේකම්වරුන්ටත් ඒ වගෙයි. රාජ්‍ය අමාත්‍ය ධුරයක් නඩත්තු කරන්න යන වියදම අපේ රටේ ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක් වගෙයි. අපේ රටේ පුරවැසියන් මෙවැනි බරක් දරන්න ඕනෑද? අනෙක් පැත්තෙන් ජනතාවට 15%ක වැට් බදු, 2.5% බැගින් වැල් පොලී එකතු වන තව බදුත් පටවනවා. ජනතාවගේ ධනයෙන් පරපුටු රැලක් නඩත්තු වෙනවා. මහජනතාවට කන් හැන්දෙන්වත් නොදී ඇමතිවරුන්ට බැකෝවලින් බෙදා ගන්නවා. මේ වැනි වැය බරක් ජනතාව තවදුරටත් දැරිය යුතුද?

අපේ රට ආර්ථික ප්‍රපාතයට හෙළුවේ මේ දේශපාලන සංස්කෘතියයි. මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ අතේ හැන්ද තියෙන්නේ. ඒ වගේම අටවා ගත් ජනාධිපති. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සිතු සේ පත් කරමින් භාණ්ඩාගාරයේ ධනය බැකෝවලින් බෙදා ගනිමින් ජනතාවට කන් හැන්දෙන්වත් ලබා දෙන්නේ නැහැ. මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක නාස්තිකාර ඇමති ධුර ඕනෑද? ජනතාවගේ ප්‍රශ්නය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නැතිකමද? ජනතාවට තියෙන්නේ ආහාර හිඟයත් මිල ඉහළ යාමත් පිළිබඳ ප්‍රශ්න. රටට තියෙන්නේ ඩොලර් නැතිකමේ ප්‍රශ්නය. භාණ්ඩාගාරයට මුදල් නැතිකම. මේ හැම එකක්ම පැත්තක තියලා ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳා ගන්න අතර රනිල් වික්‍රමසිංහ වේදිකාවට ඇවිත් කියන්නේ රාජ්‍ය සේවය අඩු කරන්න, වියදම් අඩු කරන්න ඕනෑ කියලයි. ඒ අයට උපරිමයෙන් බෙදා ගන්න ගමන් ජනතාව අන්ත පීඩනයකට පත් කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනස් කිරීම සඳහා ජනතාව පෙළගැහෙන්න ඕනෑ. නාස්තිකාරී, විගඩම්කාරී සහ පිනට ලැබුණු වස්තුව වියදම් කරනවා වගේ යැපෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

මේ සඳහා තවත් අත්දැකීම් අවශ්‍ය නැහැ. මේ පාලකයන් ඇති තරම් අපට අත්දැකීම් දීලා තියෙනවා. කරුණු දීලා තිබෙනවා. ඔවුන් මොන වගේ කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ජනතාවගේ මුදල්වලින් යැපෙන මොන තරම් පරපුටු කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ඒ නිසා මේ දේශපාාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පෙළගැසෙන්න කියලා ජනතාවට අපි ආරාධනා කරනවා.

SendShareShare
Previous Post

ලංකාවේ විශාලම ක්‍රීඩා භාණ්ඩ ආයතනය DECATHLON ෂොප් දෙකම වසා දමයි!

Next Post

පකිස්තාන තරගයේදී නායක දසුන්ගෙන් වාර්තාවක්!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.