මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක් ගත්තේ යැයි කියන මඩකලපුව පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් හා සැරයන්වරයා ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01) නියෝග කළේය. (Sri Lanka Latest News)
කෝවිලේ ලේකම්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේය.
කොක්කඩි චෝලේයි පොලිස් ඒකකයට අනුයුක්තව බුද්ධි නිලධාරීන් ලෙස සිවිල් ඇදුමින් කටයුතු කරන මෙම පොලිස් නිලධාරීන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු කරන්නට වැලි ගොඩ දමන ප්‍රදේශයේ තරුණයින්ගෙන් දිගින් දිගටම අල්ලස් ඉල්ලා ලබා ගැනීම හේතුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් කොමිසම සඳහන් කළේය.










