ලෝක ළමා දිනයේදී දරුවකු කෑම නොකා පාසැල් පැමිණි සිදුධියක් ඇතුළත් වීඩියෝවක් ඊයේ දින සමාජ මාධ්‍යයේ පළව තිබිණ.
ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙවන් සටහනකි.
මෙම ළමා දිනයේදී, ආහාර අපගේ දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට පදනම වන බව සිහිපත් කරමු. දරිද්‍රතා මට්ටමට පහළින් ජීවත්වන ලක්ෂ 70කට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත්වන වටපිටාවක, සියලුම ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහනට ප්‍රමුඛත්වය ලබාදිය යුතුවන කාලය දැන් එළැඹ ඇත. කිසිදු දරුවෙකුගේ ඉගෙනීම් කටයුතු කුසගින්නේ සිට සිදුවිය යුතු නැත. (Sri Lanka Latest News)










