• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංගම ගඳගැස්සවූ කොන්දොස්තර! Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංගම ගඳගැස්සවූ කොන්දොස්තර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනය 2025 අගෝස්තු මස 26 වැනිදාය. එදින නාවලපිටිය ඩිපෝවෙන් අලුයම 4.15ට කොළඹ බලා ධාවනය වන උඡ – භඊ – 9146 දරන බස් රථය සුපුරුදු පරිදි ගමන් ඇරඹුවේය. බසය කිලෝමීටර් ගණනාවක් ඉදිරියට ඇදෙන විට බසයට ගොඩවූ අයකු, තමා අංක 21 ආසනය වෙන්කර ගෙන ඇතැයි කීවත්, ඒ වනවිට එම අසුනේ තරුණියක වාඩිකරවා, එම ආසනය වෙන්කරවාගෙන සිටි අය ඉදිරිපිටදීම එකී තැනැත්තියට කොන්දොස්තරවරයා කළුඅග්ගලට ප්‍රවේශ පත්‍රයක් ලබාදුන්නේය.Sri Lanka Latest News

‘මං මේ ආසනය වෙන් කරවාගෙන ඉන්නෙ. මට ආසනය ලබාදෙන්න….’
‘දැන් එහෙම දෙන්න බෑ. එක්කෙනෙක් වාඩිවෙලානෙ…’ කොන්දොස්තරවරයා තරමක් හඬින් කීවේය.
‘මං කොළඹ යන කෙනෙක්. අනෙක මාධ්‍යවේදියෙක්. ඊයෙ ටිකට් එක බුක්කරගෙන සල්ලිත් කලින්ම බැඳලනෙ ඉන්නෙ’ මාධ්‍යවේදියා කීවේය.

‘මට ඒකෙන් වැඩක් නෑ. දැන් සීට් එකක් දෙන්න බෑ. ඕනෙ නම් ඕනෙ ලොක්කෙකුට පැමිණිලි කරන එකයි ඇත්තෙ. මං ඒවට බය නෑ’ යැයි මාධ්‍යවේදියාටද ගර්ජනය කළ කොන්දොස්තරවරයා බසයේ ඉදිරියට ගියේය.
‘එතකොට මගේ සීට් එක?’

මාධ්‍යවේදියා විමසූ විට, ‘ඒකට මට කරන්න දෙයක් නෑ. ඕනෙ නම් වාඩිවෙලා ඉන්න කෙනත් එක්ක කතා කරල බේරගන්න එකයි ඇත්තෙ’යි කියූ කොන්දොස්තරවරයා බසයේ ඉදිරිපසට ගියේය.

මෙම දෙබස ඇසූ තරුණිය, එතෙක් වාඩිවී සිටි අසුනෙන් නැගිට ඉවත් විය.
බසය ඉදිරියට ඇදෙන විට සෑම නගරයකින්ම මගීහු බසයට ගොඩවූහ. ඒ සැමටම කොන්දොස්තරවරයා ඇමතුවේ වාචාලයකු ලෙසිනි. එසේ කතාකරන වාරයක් පාසා ඔහුගේ මුවින් පෙරදා සප්පායම් වූ ගල් අරක්කු ගඳ වහනය වන විට ඇතමකු ඔහු සමග කතා කළේ සිය නැහැපුඩු හකුළුවා ගනිමිනි.

බසය ඔරුගොඩවත්තේ නතර කළේ මගීන් රැසකට බැස යායුතු බැවිනි. එසේ නතර කළ බසය යළි ධාවනය අරඹත්ම පිටුපස දොර දෙසින් කාන්තා කටහඬක් ඇසිණි.
‘මේවා ලංගම බස්නෙ මේවයෙ අපිට යන්ට බැරිද?’ කාන්තාව කියත්ම, ‘නගින්නෙ එහෙම නෑ බස් එකට’ යැයි මහ හඬින් මගී කාන්තාවට තර්ජනය කළ කොන්දොස්තරවරයා ඉදිරිපස දොර වෙත ගියේය.

එකනෙහිම බසය තරමක් ඉදිරියට ධාවනය වුවද සංඥා පුවරුවේ රතු බල්බය දැල්වෙත්ම බසය යළි නතර කෙරිණි. එවිටම බසය වෙත ළංවූ ඉහත කාන්තාව ගල් අහුරකින් කොන්දොස්තරවරයාට දමාගැසුවාය. කොන්දොස්තරවරයා බසයෙන් බිමට පැන කාන්තාව වෙත අයි.ආර්.සී.කාරයකු ලෙස අතින් පයින් පහර දීමට තැත් කළේය. ඔහු කාන්තාවට එසේ පා පහරවලින් ප්‍රහාර එල්ල කරනු මහා මාර්ගය අයිනේ දෙනොදාහක් දෙනාද බලා සිටියහ.

එසේ කාන්තාවට කොන්දොස්තරවරයා පැන පැන පාපහර එල්ලකරන අතරවාරයේ, එම ප්‍රහාරයෙන් බේරි බේරී තම කකුල් දෙකේ දමාගෙන සිටි සපත්තු දෙක ගලවා කාන්තාව, ඒ දෙකෙන්ම කොන්දොස්තර වරයාට පහර දුන්නාය.

මෙම කොන්දොස්තරවරයාගේ හිසේ කෙස් නැතිකම නිසාම කාන්තාව එල්ල කළ සපත්තු ප්‍රහාර කොන්දොස්තරවරයාගේ හිසටද, කම්මුල් දෙකටද එල්ල වනු පිරිස බලාගෙනය. වේලාව පෙරවරු 7.45 පමණ වී තිබිණි. දෙනෝදාහක් දෙනා මෙම ප්‍රහාර එල්ලකර ගැනීම දෙස බලාසිටියේ විමතියෙනි.

ලංගම කොන්දොස්තර කෙනකු වෙලත්, ආසන වෙන්කර ගැනීමටද විරෝධය පාන, එසේ ආසන වෙන් කරන බලධාරීන්ටද ප්‍රසිද්ධියේ බැණවදින බසයට ගොඩවන මගී ජනතාවට ආඩාපාලි කියන, බසයට නගින්නට හැදූ කාන්තාවකට එය දුර ගමන් බසයක් යැයි හොඳින් කරුණු පහදා දෙනු වෙනුවට මහමග දෙනෝදාහක් ඉදිරිපිටදී පාපහර එල්ල කළ මේ කොන්දොස්තරවරයා, තමන් සේවය කරන නාවලපිටිය ඩිපෝවත්, පොදුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයත් ගඳගැස්සවූයේ කොළඹ ඔරුගොඩවත්තේදී දෙනෝදාහක් දෙනා ඉදිරිපිටදී වීම අතිශය කනගාටුදායක සිද්ධියක් බව එම දසුන ඇසින් දුටුවෝ පැවසූහ.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

‘මුන් කබ්බෝ..! නිවට හිවල්ලු! පරම්පරා පිටින් විනාස කරපු උන්! මුන්ට බය පොලිසියේ අයත් ඉන්නවා නම් ගෙදර යන්න! කබ්බෝ ෆෝම් කරන්න එපා..!’ පොලිස්පතිගෙන් මාධ්‍යයටයි පොලිසියටයි දෙකටම දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

CIDය ගෝඨාටත් එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.