• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ගෙන්වන්න හදපු චීන කාබනික පොහොරවල පැටිකිරිය හෙළිවෙයි!

September 18, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ලංකාවට ගෙන්වන්න හදපු චීන කාබනික පොහොරවල පැටිකිරිය හෙළිවෙයි!
Share on WhatsAppShare on Facebook
 කාබනික පොහොර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලයක තිබී අහිතකර බැක්ටීරියාවක් හමුවීම පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ඇතිවී තිබේ.
චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලය තුළ අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියාව හමුවී තිබුණේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය සිදුකළ පරීක්ෂණයේදීයි.

අල, ලූණු හා කැරට් වැනි අහාර වගාවල ඵලදාව විනාශ කිරීමේ හැකියාව මේ අහිතකර බැක්ටීරියාව සතුයි.

ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, එවැනි අහිතකර බැක්ටීරියා වර්ගයක් මෙම සාම්පලයේ නැතැයි, ප්‍රමිති ආයතනය නම් කළ ස්වාධීන පරීක්ෂණාගාරයක සිදුකළ පරීක්ෂාවේදී අනාවරණය නොවූ බවයි.

නමුත් ඊයේ (17) මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධ කළ කරුණුවලට අනුව මෙම කාබනික පොහොර පරීක්ෂාවේදී අර්වීනියා වැනි බැක්ටීරියා හඳුනා ගැනීමේ පරීක්ෂාවක් සිදුව නැතැයි, විද්වත්හු පෙන්වා දෙති.

රුහුණු විශ්ව විද්‍යාල කෘෂි ජීව විද්‍යා පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පවසන්නේ, මෙම සාම්පලය මෙරටට එවා ඇත්තේ, කිසිදු ශාඛ රෝගී ව්‍යාධිජනයන් පිළිබඳ කිසිදු පරීක්ෂණයකින් තොරව බවයි.

මේ අතර බැක්ටීරියාවලට අමතරව, වෛරස, විවිධ රෝග කාරක, වෙනත් ජීවීන් ද පැමිණිමේ හැකියාව ඇති බවත් එකී සියලු දේවලින් මේ තොගය නිදහස් කියන එකට කිසිදු සාක්ෂිකයක් හෝ පිළිගැනීමක් ඇති කිරීමට නොහැකි බව ද මහාචාර්යවරිය සඳහන් කළා ය.

”කිසිදු ශාඛ රෝගී ව්‍යාධිජනයන් පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැතුව තමයි මේ සාම්පලය එවලා තියෙන්නේ. අපිට මේකෙන් කිසිම තහවුරුවක් ගන්න බැහැ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඒවා බලපෑම ගැන. මානව රෝගී ඇති කරන බැක්ටීරියා වර්ග දෙකකට පමණයි පරීක්ෂණය කරලා තියෙන්නේ. එතකොට මේ බැක්ටීරියාවලට අමතරව වෛරස එන්න පුළුවන්. විවිධ රෝග කාරක වෙනත් ජීවීන් එන්න පුළුවන්. ඒ සියලු දේවලින් මේ තොගය නිදහස් කියන එකට කිසිම සාක්ෂිකයක් හෝ පිළිගැනීමක් ඇති කරන්න බැහැ”

චීන සමාගම මෙරටට සැපයීමට සූදානම් වන්නේ මුහුදු පැළෑටි මගින් නිපදවූ කාබනික පොහොරයි.

මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පෙන්වා දෙන්නේ මෙම පොහොර සාම්පලය තුළ කාබනික නොවන ද්‍රව්‍ය ද අඩංගු විය හැකි බවට සැකයක් මතුවන බවයි.

 ”දැන් අපිට ගෙන්වන්න යන්නේ ග්‍රැනයුලර් ෆර්ටිලයිසර් කැට සහිත මේවා පරීක්ෂා කර බලද්දී මෙහි තියනවා සීවීඩ් එක්ට්‍රැක්, එහෙම නැත්නම් මුහුදු පැළෑටි නිස්සාරක 10% යි අඩංගු වෙන්නේ. නමුත් ටෝටල් නයිට්‍රජන් බලද්දී ඊට වැඩියි, 15% – ක් 16% ක් විශාල වශයෙන් ටෝටල් නයිට්‍රජන් තියෙනවා. එතකොට විශාල සැකයක් මතුවනවා මෙයට යූරියා වැනි අකාබනික දේවල් එකතු කරල ද. එහෙම නැත්නම් නාගරික අපද්‍රව්‍ය වැනි වෙනත් නයිට්‍රජන් ප්‍රභවයක් මෙයට ඇතුළත් කරල ද කියන එක ගැන ගැටලුවක් ඇති වෙනවා”

මේ අතර ක්ෂේත්‍රයේ විද්වතුන් අවධාරණය කරන්නේ, රටේ නීතිය අනුව මෙවැනි බැක්ටීරියා අඩංගු ද්‍රව්‍ය සාම්පල ලෙසවත් ගෙන්විය නොහැකි බවයි.

කෘෂි විද්‍යා පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාල පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ, සාම්පලයක් හෝ රටට ඇතුළු කිරීමට හැකියාව ඇත්තේ, නියමිත ශාක ආරක්ෂණ සහතිකයක් සහිතව බවත් එසේ නොමැතව ගෙනඒම අවිධිමත් හා නීතිවිරෝධී බවයි.

තව ද ශාක නිරෝධායන අධිකාරියේ සහතිකයක් නැති සාම්පල ආනයනය කර පරීක්ෂණාගාරවල ක්ෂේත්‍රයේ හෝ දැමීම අවදානම් බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

”සාම්පලයක් හරි ගෙනෙන්න ඕනෑ,නියමිත ශාක ආරක්ෂණ සහතිකයක් ඇතිව තමයි රටකට ඇතුල් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිව ගෙන ඒවා අවිධිමත්. නීති විරෝධී.එහෙම ගේනවා නම් නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕන. ශාක ආරක්ෂක සහතිකයක් තියෙන ඕනම එකක් පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ශාක නිරෝධායන අධිකාරියෙන් දෙනවා මෙන්න මේ තත්ත්ව යටතේ තමයි පාවිච්චි කරන්න ඕන කියලා. එහෙම සහතිකයක් නැති සාම්පල පිටරටින් ආනයනය කරලා පරීක්ෂණාගාර වල ක්ෂේත්‍රයේ හරි දැමීම අවදානම්”

චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සාම්පල් ප්‍රමාණයක් බතලේගොඩ වී පර්යේෂණයතනයට ද යවා ඇතැයි ඊයේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය පවසන්නේ, බතලගොඩ පර්යේෂණායතනය වෙත එම සාම්පල යවලා ඇත්තේ, ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කර පොහොරවල ගුණත්වය සෙවීමට මිස එහි ව්‍යාධිජනකයන් පරීක්ෂා කිරීමට හෝ කෘෂිකර්මාන්තයට ඇති විය හැකි හානිකර ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට නොවන බවයි.

”ඒ වගේම ගොවි මහතුන්ට පමණක් නොවෙයි,මේක පසු අස්වනු රෝග කාරකයක් අර්විනියා කියන විශේෂයම. මෘදු කුණු වීම, අස්වනු නෙලාගෙන පාරිභෝගිකයා අත්ට යන තෙක් විශාල අස්වනු හානියක් වෙන්නත් ඉඩ තියනවා”

බතලගොඩ වැනි විවිධ කෘෂි ක්ෂේත්‍රයට අදාළව පරීක්ෂණ සිදු කරන ආයතනයකට මේ පොහොර ගෙනාවේ කුමකට දැයි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රශ්න කර සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යම් දිනක මේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර යෙදුව හොත් ඉන් පසු හැදෙන ලෙඩ රෝගවලට නැවත චීනෙන්ම බෙහෙත් වර්ගත් ගැනීමට ද සිදුවිය හැකි බවයි.

”බතලගොඩ කියන්නේ විවිධ කෘෂි ක්ෂේත්‍රයට අදාලව පරීක්ෂණ සිදු කරන ආයතනයක්.මේ වගේ පර්යේෂණ ආයතනයකට මේ පොහොර ගෙනාවේ මොකටද? මේක රට ඇතුළට යන්නේ නැහැ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්.මේ ක්ෂුද්‍ර ජීවියා ඇහැට පේන්නේ නැහැ.මෙයා පුංචි සතෙක්.මෙයා බෝ වෙනවා. මේක පසට යෙදුනොත් අපේ වගා බිම් වැනසෙනවා. මේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර මෙහාට එවනවනම් ඒවා දැම්මට පස්සේ හැදෙන ලෙඩ රෝග වලට නැවත චීනෙන්ම අපිට බෙහෙත් වර්ගත් එවයි.ඒවත් අපිට ගන්න වෙයි”

කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ අනාවරණය කළ පරිදි කාබනික පොහොර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාදී ඇත්තේ චීනයේ ක්විංඩාවෝ සීවින් බයෝටෙක් ගෲප් නමැති සමාගමටයි.

චීනයේ ක්විංඩාවෝ වරාය නරගය ආශ්‍රිතව ඔවුන්ගේ අතිවිශාල කර්මාණ්ත ශාලාව පවත්වාගෙන යනු ලබයි.

සීවින් බයෝටෙක් සමාගම පවසන්නේ වසර 20 ක අත්දැකීම් තුළින්, මේ වන මුහුදු පැළෑටි උපයෝගී කරගත්, සමුද්‍රීය ජීව පොහොර නිෂ්පාදනයේ තම සමාගම ප්‍රමුඛස්ථානයට පත්ව ඇති බවයි.

මේ අතර චීනයේ ක්වින්ඩාවෝ වරාය නගරය ආශ්‍රිතව වර්ග කිලෝ මීටර් 1700 ක පමණ අහිතකර ඇල්ගී බෝ වී ඇති බව ඉකුත් ජුනි මාසයේදී රොයිටර් පුවත්සේවය අනාවරණය කළේ ය.

අවුරුදු 15 ක පමණ කාලයක පටන් මෙම ප්‍රදේශයේ ඇල්ගී ගැටලුව පැවති බවත්, ඉන් හටගන්නා දැඩි දුර්ගන්දය හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්වූ බවත් එම වාර්තාවේ සඳහන්ව තිබිණ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම පැළෑටි ඉවත් කිරීම සඳහා බෝට්ටු 12,000 ක් පමණ යෙදවූ බවයි.

ඉකුත් ජුනි මාසය තුළ පමණක් ඉවත් කරන ලද ඇල්ගී ප්‍රමාණය ටොන් 450,000 කි.

මේ පසුබිම තුළ කාබනික පොහොර විශේෂයෙන් චීනයෙන් ගෙන්වන කාබනික පොහොර භාවිත කිරීම පිළිබඳ තීරණය ඉතා ප්‍රවේශමෙන් ගත යුතු නොවන්නේ ද?

මේ ලෝකයේ රටවල කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් 2021.07.01 වනදා පොල් පර්යේෂණ ආයතනය හිටපු සභාපති ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත මහතා සිදු කළ අදහස් දැක්වීමයි.

”2008 වර්ෂයේ බූතානය තීරණයක් ගත්තා 2020 වසර වන විට 100% ක් කාබනික පොහොර භාවිතයට යොමුවෙන්න. භූතානය ලක්ෂ 7 කින් යුත් ඉතා කුඩා ජනගහනයක් ඉන්න රටක්. ඒත් මේ වන විට ඔවුන් කාබනික පොහොර භාවිතය 10% ක ප්‍රතිශතයක් විතරයි තවම ළඟාකරගෙන තියෙන්නේ. මුළු ලෝකෙන්ම 10% කට වඩා කාබනික පොහොර භාවිතයක් කරන රටවල් තියෙන්නේ 17 යි. ඔවුන් කාබනික පොහොර භාවිතයට යොමුවෙන්න පටන් ගත්තේ 1960 – 70 ව දශකවල මේක හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි”

SendShareShare
Previous Post

මහේල ලංකා කණ්ඩායම බාරගනී?

Next Post

ලංකාවට කුඩු එන තැන හෙළිවෙයි!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.