සිදුකල පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබාදීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයෙකුට අද (08) දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි (Sri Lanka Latest News)
බරපතල තුවාල ලැබූ පැමිණිලිකරු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇත
මත්තේගොඩ කිතුලවිල පාර දහම් මාවත ප්‍රදේශයේ පදිංචි ලසන්ත චන්දන කුමාර නැමැත්තෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි
තුවාලකරැට අයත් පාදුක්ක වටරැක නයිකෑහේන ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සදහා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදු කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සදහා සාක්ෂි ලබාදීම සදහා පැමිණ යළි නිවස බලා යන අතරතුර අවශ්‍යතාවක් සදහා මාකුඹුර ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙලෙස යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කඩුවකින් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණ වූ බවද පොලිසිය පවසයි
ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන සහ එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් පටිගත කල දර්ශන අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කල බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
පහරකෑමට ලක් වූ පුද්ගලයාට මෙයට පෙරදී ද අදාල ව්‍යාජ ඔප්පු සැකසූ බව කියන පුද්ගලයා විසින් පහරදීම් සහ තර්ජන සිදුකර ඇති බවත් මෙම ප්‍රහාරය එම කටයුත්ත හා සම්බන්ධ විය හැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් නිලධාරියකු පැවැසීය.
කඩු පහරට ලක්ව රෝහල්ගත කල පුද්ගලයාගේ එක් අතකට දරැණු ලෙස තුවාල සිදුව ඇතැයි හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මානවඩු මහතා ප්‍රමුඛ අපරාධ විමර්ශන නිළදාරීන් පරීක්ෂණ පවත්වයි
ප්‍රහාරයට පැමිණි යතුරුපැදිකරුවන් ප්‍රහාරයෙන් පසු පලායන ආකාරය ජංගම දුරකතනයක සටහන්ව තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
newscenter