• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බමුණු කුලය බිඳවැටීම-බණ්ඩාරනායක-රණසිංහ ප්‍රේමදාස සහ හඳුන්නෙත්ති! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
බමුණු කුලය බිඳවැටීම-බණ්ඩාරනායක-රණසිංහ ප්‍රේමදාස සහ හඳුන්නෙත්ති! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට කිව්වේ ‘ආසියාවේ රිදී සීනුව’ කියාය. ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විවාද සංගමයේ දක්ෂ කථිකයෙක් විය. ඔහු ඒ තරමට ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස කතා කළේය. ඔහු ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය අවසන් කොට ලංකාවට ඇවිත් දේශපාලනය කරන්න පටන් ගන්නා විට ලංකාවේ දේශපාලනයේ ඔහු තරමටම ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි ඔක්ස්ෆර්ඩ්, කේම්බි්‍රජ්, හාවර්ඩ් යන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබපු දේශපාලනඥයෝ සිටියහ. ඔවුන් අතර බණ්ඩාරනායක කැපීපෙනෙන චරිතයක් නොවීය. ඔවුන් අතරින් රටේ නායකයා බවට පත්වීමට බොහෝ දුෂ්කර ක්‍රියා කළ යුතු බව ඔහුට වැටහිණි.Sri Lanka Latest News

ඔහු ඒ ප්‍රභූ දේශපාලනඥයන්ගේ ජාතික සංගමයට සම්බන්ධ නොවී සිංහල මහා සභාව හැදුවේ වෙනත් මාර්ගයකින් බලය අල්ලාගෙන රටේ නායකයා වෙන්නටය. ඔහු වරක් මේ කතාව සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූට කීවේ මෙසේය.

‘ඔබ කොහොමද අලුත් පක්ෂයක් හදලා මේ තරම් ඉක්මනට බලය ගත්තේ…?’ ලී ක්වාන් යූ ඇසුවේය.

‘මිනිස්සුන්ගේ යටි හිතේ තියෙනවා ජාතිය, ආගම, කුලය තැන්පත් වෙලා. මම ඒක කූරු ගාලා උඩට ගත්තා…’

ලී ක්වාන් යූ කියන විදියට බණ්ඩාරනායක ඔහුගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ එහෙමය.

බණ්ඩාරනායක කළෙත් ඒකය. ඩී.ඇස්. සේනානායක ඇතුළු ප්‍රභූ දේශපාලනඥයන් කීවේ ජාතිය ශ්‍රී ලාංකික, සිංහල සහ දෙමළ භාෂාව කතා කළත් හැමෝම ඉංග්‍රීසි භාෂාව උගත යුතුයි කියාය.

බණ්ඩාරනායක කීවේ ලංකාව අයිති සිංහල ජාතියට, ලංකාවේ භාෂාව විය යුත්තේ සිංහල පමණක් කියාය. ඔහු එහෙම කියා ඉංග්‍රීසි බස කතාකරන ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත යුතු යැයි කියන ප්‍රභූ දේශපාලනඥයන්ට එරෙහිව වෛරය වැපිරුවේය. ඉංග්‍රීසි දොස්තරලාට එරෙහිව සිංහල වෙද්දු කුලප්පු කළේය. ව්‍යාපාරිකයන්ට එරෙහිව සේවකයන් කුලප්පු කළේය. ඉංග්‍රීසි කතාකරන පරිපාලන නිලධාරීන්ට එරෙහිව සුළු සේවකයන් කුලප්පු කළේය. ඉංග්‍රීසි මළ පොතේ අකුරක් නොදන්නා ගොවියන් කුලප්පු කළේය. මේ හැමෝම කුලප්පු වී ඉංග්‍රීසි කතා කරන ටයිකෝට් අඳින ප්‍රභූ දේශපාලනඥයන් සහ ප්‍රභූ පන්තිය පන්නන්න ඔවුහු 1956 ඡන්දය ශ්‍රමදානයක් කර ගත්හ. මේකට ජාතිවාදීන් කීවේ ‘බමුණු කුලය බිඳවැටීම’ කියාය.

ලංකාව එතෙක් දියුණු වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා පරිපාලන සේවයට ගිය කොළඹ සහ යාපනයේ දෙමළ උගතුන් නිසාය. සිංහල රාජ්‍ය භාෂාව කළ විට ඔවුහු ලංකාව අතහැර සිංගප්පූරුවේ සහ මලයාසියාවේ රස්සා හොයාගෙන ගියහ. සිංගප්පූරුව සහ මලයාසියාව දියුණු වූයේ බණ්ඩාරනායකගේ සිංහල පමණක් පනතට පිං සිද්ධ වෙන්නටය.

බණ්ඩාරනායක බමුණු කුලය බිඳවට්ටන කාලයේ කෙහෙල්වත්තේ මුඩුක්කු පැල්පත් අතර හැදුණු වැඩුණු කොල්ලෙක් දේශපාලනයට එන්න මාර්ගයක් හොයමින් සිටියේය. ඔහු රණසිංහ ප්‍රේමදාසය. ඔහු සුචරිත ව්‍යාපාරය නමින් සමාජ සේවා ව්‍යාපාරයක් පටන්ගෙන විශාල සමාජ සේවයක් කරමින් සිටියේය. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි අයෙක් නොවේ. ඒත් ඔහුව ඉංග්‍රීසි භාෂාව කතාකරන ප්‍රභූ පන්තියට වෛර කරවන්න බණ්ඩාරනායකගේ දේශපාලනය අසමත් විය. ඔහු කළේ ප්‍රභූන් සමග හරිහරියට හැප්පෙන්න ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉගෙන ගැනීමය.

‘අපි ඒ කාලේ සුචරිතය ඉස්සරහින් යනකොට අපිට ඇහෙනවා වේවැල මේසයට ගහ ගහ ප්‍රේමදාස මුඩුක්කුවේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වනවා. එයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නලා…’

මේ, කෙහෙල්වත්තේ පන්සලේ හාමුදුරුවෝ ඒ කාලේ කියූ කතාවකි.

ප්‍රේමදාස පළාත් පාලන ඇමැති වනවිට ඉංග්‍රීසි භාෂාව හසුරුවාගත හැකි ඇමැතිවරයෙකි. ඔහු අගමැති වනවිට ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි අයෙක් විය. ඔහු ඔහුගේ කාර්යාලයේ, අමාත්‍යාංශයේ සේවයට ගත්තේ ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි දෙමළ පරිපාලන නිලධාරීන්ය. ප්‍රේමදාස වැඩ කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. මේ රටේ මන්ත්‍රී වෙන්න ඇමැති වෙන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න ඉංග්‍රීසි අවශ්‍ය බව ඔහු තරුණ කාලයේම තේරුම් ගත්තේය.

බණ්ඩාරනායක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණ සිංහල ඉගෙන ගෙන ලංකාවේ මන්ත්‍රීවරු වෙන්න, අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, පරිපාලන සේවයට එන්න ඉංග්‍රීසි අවශ්‍ය නැහැ කියා පෙන්වා ඉංග්‍රීසි නොදත් පොඩි මිනිස්සු කුලප්පු කොට අගමැති විය.

බණ්ඩාරනායක ඉංග්‍රීසියට එරෙහිව වෛරය වපුරා බලය ගත්තේය. ප්‍රේමදාස ඉංග්‍රීසි අමාරුවෙන් ඉගෙනගෙන බලය ගත්තේය. ඔහු බණ්ඩාරනායකගේ ඔටුන්න හිමි කුමාරයා යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්හි ඉගෙනගෙන ෂේක්ස්පියර්ගේ පොත්වලින් පාඨ ගෙන පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි බසින් කඩු හරඹ පාද්දී මුඩුක්කුවේ ළමයින්ට ඉංග්‍රීසි උගන්වා ඉංග්‍රීසි ඉගෙනගත් ප්‍රේමදාස ඔහුත් සමග කරට කර ඉංග්‍රීසි භාෂාවෙන් වාද විවාද කළේය.

බමුණු කුලය බිඳවැටීම කියන්නේ ඔන්න ඕකටය. බමුණු කුලය බිඳවැට්ටුවේ බණ්ඩාරනායක නොව ප්‍රේමදාසය.

මේ ළඟදී මහාචාර්යවරයෙක් 2024 ජවිපෙ මැතිවරණ ජයග්‍රහණය හඳුන්වා දුන්නේ බමුණු කුලය බිඳවැටීමක් ලෙසය. ජවිපෙ කළේත් 1956 බණ්ඩාරනායක කරපු වැඩේමය. එනම්, වෛරය වැපිරීමය. බණ්ඩාරනායක වෛරය වපුරන්න තෝරාගත්තේ ජාතිය සහ භාෂාවය. ජවිපෙ වෛරය වපුරන්න තෝරාගත්තේ සාම්ප්‍රදායික දේශපාලනයය. ඒ තුළ ඔවුන්ද රනිල් විදේශ රාජ්‍ය නායකයන් සමග කරට කර සිට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීම, සජිත් ප්‍රේමදාස ඔක්ස්ෆර්ඩ්, කේම්බි්‍රජ් ඉංග්‍රීසි භාෂාව කතා කිරීම සමච්චලයට ලක් කළහ. ජපන් භාෂාව දන්නවා දැයි සජිත් ළමයින්ගෙන් ප්‍රශ්න කිරීමද සමච්චලයට ලක් කළේය. ජපන් භාෂාව ඉගෙන ගැනීම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම තරම් වැදගත්ය. මන්ද ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගන්න එය වැදගත්ය.

ආචාර්ය ගුණදාස අමරසේකර වරක් කීවේ ජවිපෙ 56 දරුවෝ කියාය. ඇමැති සුනිල් හඳුන්නෙත්ති ‘වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම්’හි කතා කරන ආකාරය දෙස බලන විට 56 බිඳවැටී තිබෙන්නේ බමුණු කුලය නොව රටය. 2024 බිඳවැටී තිබෙන්නේ බමුණු කුලය නොව රටය. විශ්වවිද්‍යාලයකටවත් නොගිය පුංචි පන්තියේ පොඩි මිහිහෙක් වූ ප්‍රේමදාසට රට පාලනය කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනෙ කියා හිතුණා නම් රට පාලනය කරන්න 1971 සිට වලි කාපු ජවිපෙ නාකයන්ට මේ ටික තේරුම් නොයාම ඛේදවාචකයකි. ජවිපෙ පන්ති පහට ඉංග්‍රීසි භාෂාවත් ඇතුළු කොට පන්ති 6ක් කළා නම් ජවිපෙ කවදාවත් බලයට එන්නේ නැත. හේතුව එහෙම වුණා නම් ඉංග්‍රීසි ඉගෙනගත් ජවිපෙ කාඩර්ලා එක්කෝ කොම්පැනිවල ලොකු රස්සාවලට යනු ඇත. නැතිනම් විදේශගත වනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ෂාරුක් ලංකාවට එන්නේ කැසිනෝ එකක් ප්‍රවර්ධනය කරන්නද? Sri Lanka Latest News

Next Post

ප්‍රේමදාස ‘ජනාධිපති ජංගම සේවය’ පටන් අරන් දුප්පත් ජනතාව ගාවටම ගිහින් ලොකු සේවයක් කළා! ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගන්න සජිත් ‘විපක්ෂනායක ජංගම සේවය’ පටන් අරන්! මේ කලාවැව ධීවර ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.