• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රිකාවට යන ගමන් චීන විදේශ ඇමැති හෙට ලංකාවටත් ගොඩබහිනවා! කාටවත් හිතාගන්න බැරි ලොකු පැකේජ් එකක් ලංකාවට දෙන්නයි යන්නේ!  I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
විජිතට මැලේසියාවේදී චීන විදේශ ඇමැති වැන්ග් යී හමුවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට සති කිහිපයකට ඉහතදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රධානීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී නිල වශයෙන් සාකච්ඡා වූ කරුණු මාධ්‍ය මගින් සියල්ලන්ටම දැකගත හැකි විය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ මෙතෙක් කිසිදු මාධ්‍යයක සඳහන් නොවුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයට අදාළ සිදුවීමකි.Sri Lanka Latest News

ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පැවැති හමුවේදී දෙපාර්ශ්වයේම ඉහළ පෙළේ නිලධාරීන් ඊට සහභාගි වී සිටි අතර, සාකච්ඡාව අවසාන භාගයේදී අනෙකුත් සියලු නිලධාරීන් ඉවත් කොට ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පමණක් මුහුණට මුහුණ පැය භාගයක පමණ විශේෂ හමුවක් සිදුවිය. මෙහිදී ජයශංකර් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබාදී තිබූ අතිවිශේෂ පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. එහිදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවුණු ආකාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ලංකාවට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ජයශංකර් වෙත ස්තුතිය පළකිරීමට කටයුතු කළ බවක්ද දැනගන්නට ඇත.

ජයශංකර් ලංකාවෙන් පිටව යෑමට පෙරම චීන රජයේ ඉහළ පෙළේ විශේෂ නියෝජිතයකුද ඒ අවස්ථාවේ ලංකාවට පැමිණියේය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරකසභාවේ සාමාජික සහ ෂිෂැන්ග් ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් මහතාය. ඒ වනවිට දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට දැවැන්ත හානියක් සිදුව තිබීම නිසා වැන්ග් ජුන්ෂෙන් මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අධාර උපකාර ලබාදීමට චීනය සූදානම් යැයි කියාය. එම ව්‍යාපෘතිය කුමක්ද යන්න පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බවද චීන විශේෂ නියෝජිතයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටියේය.

ඒ අනුව හෙට දින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලංකාවට පැමිණීමට නියමිතය. ඒ, අප්‍රිකානු රටවල් 4ක සිදුකරන නිල සංචාරය අතරතුරදී අතරමැද ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙසටය. ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා කටුනායකින් ගොඩබසිද්දී ඔහුව පිළිගැනීමට ජනාධිපතිවරයාත්, අගමැති හරිනි අමරසූරියත්, විදේශ අමාත්‍ය විජිත හේරතුත් ගුවන් තොටුපළ බලා යෑමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී විජිත සමග චීන විදේශ අමාත්‍යවරයා උදෑසන ආහාරය සහිත සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇති බවද සදහන්ය. කෙසේ වෙතත් මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී චීනය විසින් භාරගනු ලබන ව්‍යාපෘතිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරනු ඇති බවක්ද දැනගන්නට තිබේ.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

පිටරට කොපි එපා! අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට කරන්න! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නාමල්ගෙන් හරිනිට පණිවුඩයක්!  I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යවල බොරු නිව්ස් දාන්නත් බෑ! ඒ දාපු බොරු නිව්ස් ඇත්ත ප්‍රවෘත්ති විදිහට විකාශය කරන්නත් බෑ! ලබන මාසේ පාර්ලිමේන්තුවට නීති ගේන්නයි යන්නේ!  I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.