• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැරැද්ද කාගේද? දරුවන්ගේද? මවුපියන්ගේද? ෆෝන් එකේද? Sri Lanka Latest News

February 10, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
වැරැද්ද කාගේද? දරුවන්ගේද? මවුපියන්ගේද? ෆෝන් එකේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇය තවමත් දැරියකි. ලෝකය තේරුම් ගැනීමටවත් ජීවිතය හඳුනා ගැනීමටවත් ඇයට කාලයක් ලැබුණේ නැත. ඒත් සියල්ලම අතුරුදන් වූයේ අතට දුන් ජංගම දුරකතනයකිනි. ඒ අනුව දැරිය වෙනස් වෙමින් පවතින බව, ජංගම දුරකතනයට අධිකව ඇබ්බැහි වී සිටින බව ඔවුන්ට දැනී තිබුණා. නමුත් අවවාද දීම ආදරයෙන් අවබෝධ කරදීම වෙනුවට සිදුවූයේ කෝපය, භීතිය සහ අවසානයේ විනාශයයි.Sri Lanka Latest News

ජංගම දුරකතනයක් අද දරුවකුගේ අතට පත්වීම සාමාන්‍ය සිදුවීමක් වුණාට ඒ අතට එන දවසේම දරුවාගේ ජීවිතය වෙනස් වන බව අපි කොපමණක් නම් නොසලකා හරීද? ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ දැල්කඩ ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිදුවීම මේ දිනවල රටම කම්පනයට පත්කළ ඛේදනීය සිදුවීමක්. ජංගම දුරකතනයක් භාවිත කළා කියන එක දරුවකුට මරණ දඬුවමක් හිමි වියයුතු වරදක්ද?

ඌරගස්මන් හන්දිය පොලිස් වසමේ දැල්කඩ ප්‍රදේශයේ පියෙකු තම ලේවලින් උපන් දියණියට කළ අහස පොළොව නුහුලන අපරාධය ගැන මේ දිනවල කාගේත් කතාබහට ලක්වුණේ පියෙකු මොන හිතකින් දරුවෙකුට මෙවැනි කෝපසහගත පහරදීමක් කළාද යන්නයි.

දරුවා ෆෝන් එක බලන එක වැරැද්දක් නම් දඬුවම මරණයෙන් අවසන් විය යුතුද? දැරියගේ අතට ජංගම දුරකතනයක් පත්කළේ කවුරුන්ද? ඔවුන් සොයා දඬුවම් කරනවා ඇරෙන්නට මේ අහිංසක දැරියගෙන් පළිගැනීම සාධාරණද? දරුවන් කරන සමහර වැරදි මවුපියන්ට දරාගන්න බැරි වුණාම පුදුම කේන්තියක් යන්නේ. ඒත් එහෙමයි කියලා දරුවන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුකිරීම අහස පොළොව නුහුලන අපරාධයක්.

මේ පියා දරුවා ජංගම දුරකතනය භාවිත කරනවා දැක ඒ කේන්තිය පිටකළේ කුරුඳු කපන කැති පහරක් දැරියගේ ගෙලට සහ ශරීරයට එල්ල කිරීමෙනි. මේ නිසා 14 හැවිරිදි දියණියක ඝාතනය වී තිබෙන බවයි ඌරගස්මන්හන්දිය පොලිසිය සඳහන් කරන්නේ. පසුගිය 30 වැනිදා රාත්‍රියේ සිදුවූ මේ ඛේදජනක සිදුවීමෙන් ජීවිතය අහිමි වුණේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලැබූ දුල්මි සමායා සත්සරණි නම් දැරියටයි. තමන්ගේ දියණිය ජංගම දුරකතනය කොට්ටය යට සඟවාගෙන භාවිත කිරීම මේ පියාට දරාගන්නට බැරිව ගියා. ඇය කිසි ලෙසකින් තම පියාගෙන් මෙවැනි පිළිතුරක් බලාපොරොත්තු නොවන්නට ඇති. පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ එය එසේ සිදුවූ බවයි. දැරිය එදින රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නින්දට යන බව පැවසූ නිසා නිදිදැයි බැලීමට යන අවස්ථාවේ කොට්ටය යට සඟවා තිබූ ජංගම දුරකතනය භාවිත කරනු දැකීම පියාගේ කේන්තිය දෙගුණ තෙගුණ වීමට හේතු වී තිබුණා. ඔහු කරන්නේ කුමක්ද, කුමකින්ද පහර දෙන්නේ ඉවසුමක් නැතිව ගිය බවයි අනාවරණ වී තිබුණේ.
පහරදීමෙන් පසුව මේ සැකකාර පියා කුරුඳු කපන කැත්තද සමග එදින රාත්‍රියේම ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. බරපතළ තුවාල ලැබූ දැරිය අසල්වැසියන්ගේ ආධාර ඇතිව ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ නමුත් ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණා. සැකපිට අත්අඩංගුවට ගත් පියා එච්.එච්. ඉඳුනිල් පුෂ්පකුමාර නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුව 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ සිදුවීම සම්බන්ධයෙන් මෙම සැකකාර පියාගේ මව වන කුසුමානි චන්ද්‍රාණි මහත්මිය සඳහන් කළේ මෙවැන්නකි.
‘ඇත්තටම මේ වගේ දුවට ආදරය කළ තාත්තා කෙනෙක් මම දැකලා නෑහැ. තමන්ගේ දුවට තාත්තා මේ වගේ වැඩක් කරාවි කියලා හීනෙකින්වත් මම හිතුවේ නැහැ. දවසට හම්බවෙන මුදලින් තුන්කාලක්ම මේ තාත්තා වියදම් කළේ දුව කන්න ආස දේවල් ගේන්නයි. දුවගේ හැම අවශ්‍යතාවක්ම හොයලා බැලුවා. මේ තාත්තා වෙන කසාදයක්වත් කර නොගත්තේ දුව හදාගන්න ඕනෙ නිසයි. මිණිබිරිය රෑට කෑම කාලා නිදාගන්න ගියා. මම හිටියේ මගේ කාමරේ. පුතා සාලේ හිටියේ. කොහොම හරි පුතා මිණිබිරියගේ කාමරයට ගිහිල්ලා. එතකොට එයා ෆෝන් එක ඔබ ඔබ ඉඳලා තියෙන්නේ. එයාට ෆෝන් එකක් අරන් දුන්නේ නැහැ. එයාට කවුරු හරි ෆෝන් එකක් දීලා තියෙනවා. පුතා ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා තහනම් කරල තිබ්බේ. අහන්නේ නැතුව ආයෙ වරදක් කරලා නිසයි පුතාට කේන්ති ගිහින් තියෙන්නේ. මට හිතාගන්නවත් බැහැ පුතා මෙහෙම කළා කියලා. මිණිබිරියට පුතා ගොඩාක් ආදරය කළා. ඇයව රැකබලාගන්න ගොඩාක් මහන්සි වුණා….’

කෙසේ වෙතත් මෙම ජංගම දුරකතනය දියණියට ලබාදුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පොලිසිය සඳහන් කළා. දැරියගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණේ ඇල්පිටිය මූලික රෝහලේදියි.

මේ අතර, ජංගම දුරකතන නිසා තවත් දැරියකට අත්වූ ඛේදනීය ඉරණමක් පැමිණිලි කර තිබුණේ උඩප්පුව පොලිස් ස්ථානය වෙතයි. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් මෙම සිදුවීමට මුල්වූ අතර ඇගේ මව රැකියාවක් සඳහා මීට ටික කලකට පෙර විදෙස්ගතව ඇති බවයි දැනගන්නට ලැබුණේ. පියා සමග ජීවත්වූ මේ දැරියට විදෙස්ගතවූ මව නවීන ජංගම දුරකතනයක් එවා තිබුණා. මව කිසි විටෙකත් නොසිතන්නට ඇති මේ නිසා දියණියගේ ජීවිතයට කැළලක් වේයැයි කියා. ඒ ෆෝන් එකෙන් මේ දැරිය සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර ඇති අතර, ඒ හරහා ඇය මුන්දලම පල්ලිවාසැල්පාඩුව ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධකමක් ආරම්භ කර තිබුණා. දැරිය මේ තරුණයාට පවසා ඇත්තේ තමාට වයස අවුරුදු 17ක් බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය පොසොන් දිනයේ දැරිය තම පියාට හොර රහසේ අනුරාධපුරයේදී පෙම්වතා මුණගැසී තිබෙන බවයි දැනගන්නට ලැබුණේ. එසේම අනුරාධපුරයේ සිට මදුරන්කුලිය දක්වා යන බස් රථයක නැග ගොස් ඇති අතර, පෙම්වතා මේ දැරියව තමාගේ නිවසට එක්කරගෙන ගොස් අවස්ථා කිහිපයකදී දූෂණය කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා කළ පැමිණිල්ලකට අනුව මේ තරුණයා උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. දැරිය හලාවත මහ රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි උඩප්පුව පොලිසිය කටයුතු කර තිබුණේ. මේ සිදුවීමද ජංගම දුරකතනය නිසා සිදුවූ තවත් ඛේදනීය සිදුවීමකි. එක් අතකින් දැරියගේ පාසල් ගමන. තවත් අතකින් අනාගතය. මේ සියල්ලටම හේතු වුණේ මේ ජංගම දුරකතනයයි.

ජංගම දුරකතනය අද සමාජයට පිළිලයක් බවට පත්ව තිබෙනවා. කුඩා දරුවන්ට බත් කටක් කවාගන්නට පවා ජංගම දුරකතනය අතට දෙන්න පුරුදු කර තිබෙන්නේ මවුපියන් විසින්. කවුද එතකොට මේ වැරැද්ද කරලා තියෙන්නේ? සමහර වෙලාවට දරුවන් අඬනකොට නළවාගන්න පවා යොදාගන්නේ ෆෝන් එකයි. සෙල්ලම් බඩු වෙනුවට දරුවන්ගේ අතට හුරු කරන්නේ මේ ෆෝන් එකයි.

දරුවෝ මේ වගේ වැරදි කරන්නේ හරි හැටි තේරුම්ගත හැකි වයසක නොවන නිසයි. මවුපියන් දරුවන් ගැන සැලකිලිමත් වෙනවා වගේම ඉගෙනගත යුතු දෙයක් තමයි දරුවන් වැරදි දෙයක් කරපු වෙලාවට ඉතාමත් බුද්ධිමත්ව ඒ වැරදිවලින් ගලවාගැනීම. එහෙම නැත්නම් අමානුෂිකව පහරදීම නෙවෙයි සිදුකළ යුතු වන්නේ. සමහර මවුපියෝ වෙන ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඒවාත් එක්ක අහිංසක නොදරුවන්ගෙන් ඒ වාඩුව ගන්නවා. මවුපියන්ට ජීවිතය ගැන මනා අවබෝධයක් තිබිය යුතුයි. දරුවනුත් මවුපියන් ආදරයෙන් දෙන අවවාද පිළිගත යුතුයි.

දරුවන්ට පොඩි කාලේ අවශ්‍ය වෙන්නේ මවුපියන්ගේ ආදරය. පුංචි කාලෙම මේ දරුවාගේ අම්මා විදෙස්ගත වෙනවා. ඒ පුංචි මනසට තමන්ට කවුරුවත් දැනෙන්න ආදරය නොකරනකොට තමන්ගේ පාළුව නැතිකරගන්න එක්කෝ ෆෝන් එකේ ගේම් ගහනවා. නැත්නම් සමාජ මාධ්‍යයේ අදාළ නැති දේවල් බලන්න හුරුවෙනවා. දරුවන්ට ආදරය දෙන්න බැරි නම් අසරණ දරුවන් මේ ලෝකෙට බිහිකරන්න එපා කියලයි මවුපියන්ට කියන්න තියෙන්නේ. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට පවා මවුපියන්ගේ ආදරය බලපානවා.
අම්මා පොඩි කාලෙම මේ දැරිය දාලා ගියාම තාත්තා කෙනෙක් කොයිතරම පීඩනයකින් මේ දරුවා හදාගන්නට ඇතිද? ෆෝන් නිසා බොහෝ දරුවන් විනාශ වෙනවා. සමාජ මාධ්‍යයේ කිසිම සීමාවක් නැහැ. ඕනෙ දෙයක් මුදාහරිනවා.

කොවිඩ් වසංගත කාලේ ඔන්ලයින් ඉගැන්වීම්, සූම් පන්ති බොහෝ පැවැත්වුණා. මෙවැනි සිදුවීම්වලට ඒවාද බලපාන්නට ඇති. වර්තමානයේ දරුවෝ ඔන්ලයින් ක්ලාස් කියලා ගෙදර කාමරේ දොර වහගෙන කරන්නේ මොනවද කියලා මවුපියන් හොයලා බැලුවේ නැතිව ජීවිත කියක් විනාශ වුණාද? හොඳම දේ තමයි පාසල් දරුවන්ගේ අතට ෆෝන් නොදී සිටීමට මවුපියන් සහ වගකිව යුතු පුද්ගලයන් කටයුතු කිරීම. දරුවෝ කියන්නේ මවුපියන්ගේ මුළු ජීවිතේම. මේ නැතිවුණේ දරුවාගේ ජීවිතේ විතරක් නෙවෙයි. මේ දැරියගේ තාත්තා ජීවත්වුණත් හෘද සාක්ෂියෙන් මැරිලා වගේ ජීවත්වෙන්න සිදුවෙන්නේ. දරුවකුට කාරුණිකව පහදලා දෙන්න තිබුණා.

ඔබේ දරුවාට මවුපිය සෙනෙහස අහිමි නොකරන්න. මෙවැනි අපරාධ සිදු නොවන්නට අවුරුදු 16ක් යනකල්වත් දරුවන්ට ජංගම දුරකතන තහනම් කළ යුතුයි. පාසල් තුළ වගේම නිවසේදීත් මවුපියන් වගබලාගත යුතු අතර ආදරයෙන් දරුවන්ට එය වටහා දිය යුතුයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන්ගේ මනස විකෘතිභාවයට පත්වෙනවා. බොහෝ මවුපියන්ට ජංගම දුරකතන නිසා දරුවන්ව පාලනය කළ නොහැකි තත්ත්වයක් වර්තමාන සමාජයේ දැකගන්නට ලැබෙනවා. දුරකතනය බැලුවා කියලා තාත්තා කෙනෙක් මරන්නේ නැහැ. මවුපිය පාලනයෙන් දරුවා ගිලිහීම තුළින් මෙවන් සිදුවීම් සිදුවෙනවා. ඒ නිසා ඔබේ ආදරණීය දරුවාට ජංගම දුරකතනයක් දෙනවාද නැද්ද කියලා ඔබම තීරණය කරන්න.

ජංගම දුරකතනයක් දරුවකුගේ අතට දෙන එක වරදක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ අතට දෙන වෙලාවේ මගපෙන්වීමක් නැත්නම් සීමාවක් නැත්නම් කතාබහක් නැත්නම් එය ආශීර්වාදයක් නොව විනාශයක මාර්ගයක් වෙයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ප්‍රභාකරන් ‘රෙපෙයාර්..’! මහින්ද ‘නෝවෙයාර්..’! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ඇක්ෂන් – කට්’ ජවනිකාවක් නොවේ…! උසාවි ගිය රණසිංහට එරෙහි රණසිංහ ගැටුම! අන්තිමට හේමාල් හරිද? ලක්මිණ වැරැදිද? අපි උසාවියේදි බලාගමු! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.