• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිසමේ සභාපති ජනක ජනතාවගේ පැත්තේ සිට යළි විදුලිබල මණ්ඩලයට චැලෙන්ජ් කරයි! බොරු කියලා 66%කින් වැඩි කළා! 3%ක මිල අඩුකිරීමේ යෝජනාව පිළිගන්න බෑ! දැන් 27%කින් විදුලි බිල අඩු කරන්න! අඩු කරන විදිහත් කියලා දෙයි! I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොමිසමේ සභාපති ජනක ජනතාවගේ පැත්තේ සිට යළි විදුලිබල මණ්ඩලයට චැලෙන්ජ් කරයි! බොරු කියලා 66%කින් වැඩි කළා! 3%ක මිල අඩුකිරීමේ යෝජනාව පිළිගන්න බෑ! දැන් 27%කින් විදුලි බිල අඩු කරන්න! අඩු කරන විදිහත් කියලා දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියයට 27ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කළේ ය. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය නිවැරැදි වියදම් දත්ත වසන්කරමින් සියයට 3කින් පමණක් ගාස්තු අඩුකිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබේ. සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩුකිරීම සදහා නිවැරැදි දත්ත ඉදිරිපත්කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

“මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 66කින් ගාස්තු වැඩි කලේ ව්‍යාජ දත්ත පෙන්වලා. ඒ අවස්ථාවේ ගාස්තු වැඩිකල යුතු ව තිබුණේ සියයට 35කින් පමණයි. අපි ඒ අවස්ථාවේ පෙන්වා දුන්නා ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති ගිගා වොට් 16,550ක විදුලි ඉල්ලුම වැරැදි බව. අපේ ඇස්තමේන්තුව වුනේ මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,050කට පමණ සීමා වන බව. අප්‍රේල් මාසය වන ලංවිම තේරුම් ගත්තා අපේ ඇස්තමේන්තුව නිවැරැදි බවත් ඔවුන්ගේ ඉල්ලුම අධිතක්සේරුවක් බවත්. ඒ අනුව ඔවුන් ලිඛිතව ම දන්වා එව්වා වසරේ ඉදිරි කාලය සදහා ඇස්තමේන්තු කල ඉල්ලුම ගිගා වොට් පැය 15,264ක් බව”

තම ඇස්තමේන්තු අනුව විදුලි ගාස්තු සකසා ක්‍රියාත්මක කළානම් විදුලි පාරිභෝගිකයින් අද මුහුණ පා සිටින තත්වය උදා නොවන බව ද ජනක රත්නායක් මහතා පෙන්වා දේ.

“ විදුලි ඉල්ලුම අඩුවීමට සාපේක්ෂව විදුලිය සැපයීම සදහා වැයවන වියදම ද අඩු විය යුතු ය. 2023 ජුලි සිට දෙසැම්බර් දක්වා කාලය සදහා ලංවිම මුලින් ඇස්තමේන්තු කලේ රුපියල් බිලියන 392 වියදමක්. නමුත් ලංවිම දැන් කියනවා ඉදිරි මාස 6 සදහා වැය වන්නේ රුපියල් බිලියන 285ක් බව. ඒ අනුව විදුලිය සැපයීමේ සැබෑ වියදම රුපියල් බිලියන 107කින් පමණ අඩු වන බව අපේ ගණනය කිරීමයි. එහෙම නම් ඉදිරි කාලය සදහා විදුලි ගාස්තුව සමස්තයක් විදියට සියයට 27කින් වත් අඩු කල යුතු ය. එහෙම නැතිව ව්‍යාජ දත්ත මත පදනම් වෙලා පාරිභෝගික කාණ්ඩ සීමිත සංඛ්‍යාවක් සදහා පමණක් සියයට 3ක පමණ ගාස්තු අඩුකිරීමෙන් සියළු විදුලි පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ඒ වගේම විදුලිබල මණ්ඩලයට අපේක්ෂා කරන ආදායම් වැඩිවීම සිදුවන්නේත් නැහැ.”
විදුලි ගාස්තු සංශෝධනයේදී යෝජනා ඉදිරිපත් කල යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව අනුමත කර ඇති ගාස්තු ක්‍රමවේදයට (සමීකරණයට) අනුකූලව ය. එම ක්‍රමවේදයට අනුව විදුලිය සැපයීම සදහා වැය වන සාධාරණ වියදම පමණක් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකියි. එහෙත් ලංවිම ලබාගන්නා ණය පවා විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට යෝජනා ඇතුළත් කර අනුමත ක්‍රමවේදයට පටහැනිව මෙවරද ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සහා දරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ ය.
“ගාස්තු ක්‍රමවේදයට අනුව සියලු දත්ත නිවැරැදිව ඉදිරිපත් කළ යුතුයි. පාරිභෝගිකයාගෙන් අයකරගත හැකි අනුමත වියදම් පමණක් සමස්ත වියදමට ඇතුළත් කල හැකියි. නමුත් මේ යෝජනාවද අනුමත ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කල යුතු දත්ත සමග ඉදිරිපත් කර නැහැ. පිරිවැය මත පදනම් ව ගාස්තු ගණනය කිරීමේ දී සැබෑ සහ අවම වියදම අයකරගන්නා අකාරයෙන් ගාස්තු සකස් කල යුතු ය. උදාහරණයක් ලෙස නැප්තා ලීටරයක වෙළදපොල මිල රුපියල් 220ක් වුවත් කැළණිතිස්ස බලාගාරය සදහා මිලදී ගන්නා නැප්තා ලීටරයක මිල රුපියල් 266ක් ලෙස ගණනය කර තිබෙනවා. එවිට ඒකකය පිරිවැය රුපියල් 69යි ශත 53ක්. එපමණක් නෙවෙයි මේ බලාගාරය ඩීසල් වලින් ජනනය කලොත් ඒකකය රුපියල් 68 ශත 14ට ඒකක වියදම අඩුවෙනවා. නමුත් බලාගාරය සදහා ඇස්තමේන්තු කර ඇත්තේ නැප්තා භාවිත කරන පදනම මත. මේ ආකාරය අධික වියදම මත විදුලි ගාස්තු ගණනය කිරීම විදුලිබල පනතට පටහැනියි. මේ ව්‍යාකූල දත්ත පිළිබද නිවැරැදි තොරතුරු එවැන්නැයි ලංවිමට දන්වා තිබෙනවා”
බිද වැටී ඇති ආර්ථිකය කඩිනමින් සක්‍රිය කිරීම සදහා බලශක්ති සැපයුමේ දී විශාල මෙහෙයක් ඉටු කල හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
“ඉංධන. විදුලිය සදහා අධික බරක් දරන්නට වන විට එය සාමාන්‍ය පාරිභෝගිකයාට පමණක් නොව කර්මාන්ත කරුවාටද දැඩිව බලපානවා. අධික ඉන්ධන මිල නිසා ඉංධන ඉල්ලුම අඩු වුණා. අධික විදුලි ගාස්තු නිසා විදුලි ඉල්ලුම අඩු වෙලා තිබෙනවා. බලශක්තිය සාධාරණ මිලකට ලබාදී ආර්ථිකයට අසීමිත ජවයක් ලබා දිය යුතුයි. මිල සාධාරණ ලෙස පහල දැමිය යුතු යි. එය වහා කල යුතු යි. ලෝක වෙළද පොලේ ඉංධන මිල පහල ගොස් තිබෙනවා. විනිමය අනුපාතිකය පසුගිය වසර වඩා යහපත්. ඊට ප්‍රතිචාරීව සාධාරණ ලෙස ජනතාවට සහන සැලසීමට අවස්ථාව ලැබී තිබෙන හෙයින් බලශක්ති මිල ගණන් සැබෑ වියදම මත පදනම්ව අඩු කල යුතුයි. දැනට ලංවිම ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාවට අදාල අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කල පසු ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද අපි මහජන උපදේශනයක් පවත්වා ජනතාව අදහස් ද පදනම් ව අවසන් තීරණය ගැනීමට සැළසුම් කර තිබෙනවා”

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

SendShareShare
Previous Post

‘සංහිඳියාවට වැටබඳින අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!’ ඔක්කොම නායකයෝ සද්ද නැතිව ඉද්දී විපක්ෂනායක සජිත් දේවගැති ජෙරොම්ගේ ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

කුරුණෑගල ප්‍රසිද්ධ ලීසිං සමාගමක තුන්දෙනෙක් 14 හැවිරිදි දරුවකුට බරපතළ ලිංගික අතවර කරලා I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.