හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව අල්ලස් කොමිසම පවසනවා.Sri Lanka Latest News
තම කොමිසමට අපහාස කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය සිදුකරන බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණා.
ඒ අනුවයි අදාළ පරීක්ෂණ සිදුකෙරෙන්නේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ලබන 16 වනදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස එහි සභාපතිවරයාට ද දැනුම්දී තිබෙනවා.










