• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF ගිවිසුමට ඡන්දය නොදෙන්න සිටි මහින්දව අවසන් මොහොතේ පාර්ලිමේන්තුවට ගෙනා තිරය පිටුපස රහස් මෙහෙයුම! අන්තිම මොහොතේ නාමල් එපා කියද්දීත් මහින්ද ඡන්දය දෙයි! EXCLUSIVE

April 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් පොහොට්ටුවේ ලොක්කෝ ටික අරන් ඊයේ මහින්දගේ ගෙදරටම ගියේ ඇයි?
Share on WhatsAppShare on Facebook

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට සම්බන්ධ ඡන්ද විමසුමට සහභාගී නොවීමට මුලින් ගෙන තීබූ තීරණය වෙනස් කරවීම සදහා අවසන් මොහොතේ තිරය පිටුපස දියත් වූ රහස් දේශපාලන මෙහෙයුම පිළිබද සියලු තොරතුරු මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කිරීමෙන් පසුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට හිතවත් ආර්ථික විශ්ලේෂකයන් කැදවා ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමක් කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබුණේ මෙහි ඇතුළත් ‌ඇතැම් කොන්දේසි රටට බරපතළ ලෙස අහිතකර බැවින් සහ ලාබ ලබන රාජ්‍ය ආයතන පවා විකිණීමට සැලසුම් කර ඇති බැවින් ඊට ඡන්දය නොදී සිටීම හිතකර බවකි. එමෙන්ම ඉදිරියේදී ගිවිසුමට එරෙහිව රට ඇතුළේ බරපතළ විරෝධයක් මතුවිය හැකි බවද ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබිණ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබුණේ IMF ගිවිසුමට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණීමටය.

එම තීන්දුවට අනුව ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිදුන් වැඳ පුදා ගැනීම සදහා පවුලේ ඥාතීන් සමග මහනුවරට ගොස් තිබිණ.

කෙසේවෙතත් සිකුරාදා දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති සංයුතියට අනුව ඡන්ද විමසීමේදී ගිවිසුම සම්මත වන ලකුණු පහළ කොට තිබුණද 113ක බහුතරය අහිමි වීමේ අවදානමක් ආණ්ඩුව පැත්තෙන් මතුව තිබිණ.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා සමග පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ මෙම ගිවිසුමට ඡන්දය භාවිත නොකිරීමට තීන්දු කොට තිබීම හේතුවෙනි.

මේ හේතුවෙන් 113ක බහුතරය ලබා ගැනීමට නොහැකි බව වාර්තා වීමත් සමග ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන් ප්‍රකට තෙවන පාර්ශ්වයක් හරහා වහාම බැසිල් රාජපක්ෂ මහතා හට පණිවුඩයක් යවමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තුට ගෙන ඒමට පියවර ගන්නා ලෙස දැනුම් දීමක් කර තිබිණ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කොට කරුණු පැහැදිලි කර දී ඒ මහතා ඇතුලු කණ්ඩායම ‌පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කොට තිබේ.

ඊයේ දහවල් අප එම පුවත විශේෂ පුවතක් ලෙස අප වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ‌ගත්තෙමු.

කෙසේවෙතත් ඡන්දය විමසීමට සූදානම් වන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සබාගැබෙන් පිටත සිට මහින්ද රාජපක්ෂ මහතා හට පණිවුඩයක් එවමින් කියා තිබුණේ ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා නොදී සබාගැබෙන් පිටතට පැමිණෙන ලෙසටය.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කරමින් ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබුණද නාමල් රාජපක්ෂ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටීමට පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ගැන සෞඛ්‍ය උපදේශක කාරක සභාවේදී අහපු ප්‍රශ්නවලට දීපු උත්තරවලට විපක්ෂනායකට යකා නගී! ඔයා හිතන්න එපා මම තොරතුරු නැතිව ආවා කියලා! මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නෙත් තොරතුරු ඇතිව! හරි…! ඔයා අභියෝග කරනවා නම් මම තොරතුරු ඉදිරිපත් කරන්නම්! තේරුණාද..? නිලධාරීන්ගේ කට වැහෙන්නම සජිත් උත්තර දෙයි! VIDEO

Next Post

රත්මලාන හොල්ලගෙන ඉන්න කුඩු අංජු ප්‍රංශයේදී අල්ලයි! කිසිම පත්තරයක නොගිය-මව්රට විතරක් ලියපු අංජුගේ පාතාල ඉතිහාසය මෙන්න!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.